කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා උපදෙස්

වෛරසය ශරීරගත වී දින 02 සිට  දින 10 දක්වා කාලය තුල රෝග ලක්ෂණ මතුවිය හැක. නමුත් රෝග ලක්ෂණ මතු වීමට පෙර සිටම ආසාදිත පුද්ගලයෙකුගෙන් වෛරසය බාහිර පරිසරයට පිට විය හැක. එම නිසා රෝග ලක්ෂණ නොමැති වුවත් රෝගය අන් අයට පැතිරීමේ අවධානම අවම කිරීම සඳහා හැකිතාක් දුරට බාහිර සමාජයේ ගැවසීම අවම කිරීම තුලින් වෛරසය අන් ඇයට පැතිරීම බොහෝ දුරට වලක්වා ගත හැක.

රෝගය බෝවීමෙන්  ආරක්ෂා වීමට උපදෙස්

  • හැකිතාක් දුරට මහජනයා වැඩිපුර ගැවසෙන ස්ථාන වලට යෑමෙන් වැලකි නිවාස තුලම රැදී සිටින්න
  • නිවසේ හෝ සේවය කරන ස්ථානයේ සිටින වැඩි අවධානම් කාණ්ඩයේ පුද්ගලයන් සමග ගැවසීම හැකිතාක් දුරට අවම කරන්න.
  • සබන් හෝ සුදුසු සෝදන ද්‍රව්‍යයක් භාවිතා කර නිවැරදිව, නිතර ඇත සේදීම කරන්න.
  • නිසි සෞඛ්‍ය පුරුදු පිළිපැදීම මගින් රෝගය පැතිරීම අවම කර ගත හැක.
  • හොදින් වාතාශ්‍රය ඇතුළු වීමට කාමර වල දොර ජනෙල් විවෘතව තබන්න.
  • කිවිසුම් යාමේදී/කරන විටදී ලේන්සුවකින් හෝ ටිෂූ කඩදාසියකින් මුඛය හා නාසය ආවරණය කිරීම සහ භාවිතා කල ටිෂූ කඩදාසි නිසි පරිදි ඉවත දැමීම කරන්න.
  • දෙදෙනෙකු අතර සිදුවන සෑම සංවාදයකදිම මිටරයක පමණ පරතරයක් තබා ගන්න.

ඔබට රෝග ලක්ෂණ මතු වුවහොත් :

  • රෝගය අන් අයට පැතිරීම වැලැක්වීම සඳහා අමුහුණු ආවරණ(Surgical Face Mask) පළදින්න
  • ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ (Regional Epidimiologist)/ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී (MOH)/ මහජන සෞඛ්‍ය පරීක්ෂක (PHI) දැනුවත් කරන්න.
  • වහාම ලගම ඇති නිර්දේශිත රජයේ රෝහලක් වෙත වැඩිදුර උපදෙස් සහ ප්‍රතිකාර සඳහා යොමුවන්න.
  • නිවසේ සහ සේවා ස්ථානයේ සිටින පුද්ගලයන් මුහුණු ආවරණ (Surgical Face Mask) පැලදීම මගින් ඔවුනට රෝගය වැළදීම වලක්වා ගත හැක.