Department of Fisheries and Aquatic Resources

ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව

Department of Fisheries and Aquatic Resources

+94 11 2 449 170

සංවිධාන ව්‍යුහය

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව අධ්‍යක්ෂ ජනරාල්වරයකු මගින් පාලනය වේ. දෙපාර්තමේන්තුවේ කටයුතු වඩාත් කාර්යක්ෂමව ඉටු කිරීම සදහා ප්‍ර‍ධාන කාර්යාලයේ කටයුතු අංශ 9 කට බෙදා තිබේ. එනම්,

  1. ධීවර කළමනාකරණ අංශය
  2. ධීවර සංවර්ධන අංශය
  3. ධීවර නිෂ්පාදන තත්ත්ව පාලන අංශය
  4. මෙහෙයුම් අංශය
  5. විමර්ශන අංශය
  6. තොරතුරු තාක්ෂණ අංශය
  7. පාලන අංශය
  8. මූල්‍ය කළමනාකරණ අංශය
  9. අභ්‍යන්තර විගණන අංශය

මෙම අංශවල කටයුතු අධ්‍යක්ෂවරුන් 8 හා ප්‍රධාන අභ්‍යන්තර විගණක මගින් ඉටුවේ.

මුහුදුබඩ දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි දිස්ත්‍රික් ධීවර සහකාර අධ්‍යක්ෂ කාර්යාල 15ක් පිහිටුවා තිබෙන අතර එක් එක් දිස්ත්‍රික්කයේ කටයුතු එම දිස්ත්‍රික් ධීවර සහකාර අධ්‍යක්ෂවරයාගේ මෙහෙයවීම යටතේ ඉටුවේ. දිස්ත්‍රික්ක තුළ මුහුදු බඩ ප්‍ර‍දේශ ආවරණය වන පරිදි ධිවර පරීක්ෂක කොට්ඨාශ133ක් පිහිටුවා ඇත. මෙම සෑම ධිවර පරීක්ෂක කොට්ඨාශයකම ධීවර කාර්යාලය බැගින් ස්ථාපිත කර ඇත. ධිවර පරීක්ෂක, ධිවර සමාජ සංවර්ධන සහකාර, ධීවර සම්පත් කළමනාකරණ සහකාර සහ සංවර්ධන නිළධාරී යන නිළධාරීන් විසින් ධීවර පරීක්ෂක කොට්ඨාශය තුළ සියලු ධීවර කටයුතු ක්‍රියාත්මක කෙරේ.

එසේම ධීවර වරායන් ආශ්‍රිතව සෝදිසි මෙහෙයුම් මධ්‍යස්ථාන 20 ක් පිහිටුවා ඇති අතර ගුවන් විදුලි නිළධාරීන් දිවා රාත්‍රි මෙම මධ්‍යස්ථානවල සේවයේ යොදවා ඇත. ඊට අමතරව දිස්ත්‍රික්ක 07 ක පිහිටි ධීවර වරායන් 15 ක වරාය කාර්යාල පිහිටුවා ඇති අතර ධීවර පරීක්ෂක සහ සංවර්ධන නිළධාරී යන නිළධාරීන් විසින් දිවා රාත්‍රී‍ වරායෙන් පිටත්වන යාත්‍රා පරික්ෂා කිරීම, පිටත්වීම ලියාපදිංචිය හා අවසර ලබාදීම, වරායට පැමිණෙන ධීවර යාත්‍රා ගමන් වාරයට අදාල ලොග් සටහන ලබා ගැනීම, ඒ අනුව මත්ස්‍ය අස්වැන්න පරික්ෂාව, අපනයනයට නියමිත මත්ස්‍ය තොග සඳහා වාර්තා සකස් කර ගැනුම්කරුවන්ට ලබාදීම, නීති විරෝධී, වාර්තා නොවූ හා අවිධිමත් ධිවර කටයුතු සිදුවී තිබේ නම් ප්‍ර‍කාශ ලබා ගැනීම හා ලොග් සටහන් හා ලබාගත් ප්‍ර‍කාශ ෆැක්ස් හා ඊමේල් මගින් ප්‍ර‍ධාන කාර්යාලය වෙත ලබාදීම සහ විකල්ප නිරීක්ෂණ වාර්තා සකස් කිරීම ආදී කටයුතු සිදු කෙරේ.