Department of Fisheries and Aquatic Resources

ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව

Department of Fisheries and Aquatic Resources

+94 11 2 449 170

පුහුණු හා විමර්ශන අංශය

අරමුණ

ධීවර පනත ක්‍රියාත්මක කිරීම මගින් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අරමුණ වන, නව තාක්ෂණය යොදා ගනිමින් ජාත්‍යන්තර සාගර නීති හා සම්මුතීන්ට අනුකූලව සම්පත් කළමකරණය තුලින් ශ්‍රී ලංකා ජාතික ආර්ථිකයට ඵලදායි දායකත්වයක් ලබා දීම සඳහා ධීවර කර්මාන්තය තිරසාර ලෙස සංවර්ධනය කිරීම යන අරමුණ සාක්ෂාත් කර ගැනීම උදෙසා ධීවර ප්‍රජාව, ධීවර නිලධාරී හා අනෙකුත් පාර්ශවකරුවන්ගේ මනා සම්බන්ධතාවය ගොඩනැගීමයි.

වගකීම හා කාර්යභාරය

පුහුණු කිරීම්

  • වාර්ෂික පුහුණු සැලැස්ම සකස් කිරීම
  • දෙපාර්තමේතුවේ සියලුම නිලධාරීන් සඳහා පුහුණු හා ධාරිතා සංවර්ධන වැඩසටහන් සංවිධානය කිරීම
  • ධීවර පවුල් වල සාමාජිකයන්ගේ වෘත්තීය අධ්‍යාපනය ඉහල නැංවීම සඳහා පුහුණු වැඩසටහන් පැවැත්වීම
  • නිලධාරීන් සඳහා උසාවි කාර්ය පටිපාටි පිළිබඳව අවශ්‍ය පුහුණු යැයි සංවිධානය හා අධීක්ෂණය කිරීම
  • ධීවර යාත්‍රා නියමුවන් සඳහා සහතිකපත් ලබා දීමේ කටයුතු වලට අදාළ පුහුණු කටයුතු අධීක්ෂණය
  • ධීවර කර්මාන්තය සඳහා නව තාක්‍ෂණය හදුන්වා දීම සම්බන්ධව පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම
  • විශ්ව විද්‍යාල හා ධීවර කාර්මික විද්‍යාල සිසුන් සඳහා කර්මාන්ත ක්ෂේත්‍ර පුහුණුව සම්බන්ධ බාහිර අධීක්ෂණය
  • පුහුණු වැඩසටහන් සම්බන්ධ ප්‍රතිපෝෂණය හා විශ්ලේෂණය

දැනුවත් කිරීම්

  • වාර්ෂික දැනුවත් කිරීම වැඩසටහන සකස් කිරීම
  • සියලුම පාර්ශව කරුවන් සඳහා ධීවර නීතිය හා නීත්‍යානුකූල ධීවර මෙහෙයුම් පිලිබඳ නිරන්තර දනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම
  • දිස්ත්‍රික් මට්ටමෙන් සිදුකරන ධීවර කාර්මිකයින් දැනුවත් කිරීමේ වැඩ සටහන් සංවිධානය කිරීම
  • දැනුවත් කිරීම සම්බන්ධව දිස්ත්‍රික් කාර්යාල හා අනෙකුත් බාහිර ආයතන සම්බන්ධීකරණය කිරීම
  • ධීවර කාන්තාවන්ට විකල්ප ආදායම් උත්පාදනය පිලිබඳ දැනුවත් කිරීම් කටයුතු

පරීක්ෂා කිරීම් හා වැටලීම්

  • වාර්ෂික පරීක්ෂා කිරීම් හා වැටලීම් සැලැස්ම සකස් කිරීම
  • දිස්ත්‍රික් මට්ටමේ අධීක්ෂණය
  • ධීවර යාත්‍රා, ධීවර ආම්පන්න, ධීවර නිෂ්පාදන හා පිරිසැකසුම් හා ධීවර සැපයුම් ආයතන පරීක්ෂා කිරීම් හා වැටලීම්
  • සියලුම දිස්ත්‍රික් කාර්යාල, ධීවර පරීක්ෂක කාර්යාල , ගුවන් විදුලි මධ්‍යස්ථානය සහ වරාය කාර්යාල පරීක්ෂා කිරීම

විමර්ශන කටයුතු

  • වාර්ෂික විමර්ෂණ සැලසුම සකස් කිරීම
  • කලපු ,වෙරළ, වෙරළාසන්න හා අනන්‍ය ආර්ථික කලාපය තුල සිදුවන නීති විරෝධි ධීවර කටයුතු සම්බන්ධව වැටලීම් සිදුකිරීමට අවශ්‍ය අනුමැතීන් දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂවරුන්ට ලබා දීම
  • යාත්‍රා නිරීක්ෂණ පද්ධතිය මගින් හඳුනාගන්නා ලද නීති කඩකිරීම් සඳහා වන විමර්ශන කටයුතු අධීක්ෂණය කිරීම
  • ධීවර යාත්‍රා, ධීවර ආම්පන්න , ධීවර නිෂ්පාදන හා පිරිසැකසුම් සහ ධීවර ඇම සැපයුම් ආයතන සම්බන්ධ විමර්ශන කටයුතු
  • විශේෂ විමර්ශන ප්‍රකාශයට පත් කිරීම සහ එම විමර්ශන සඳහා හදිසි කැඳවුම් නියෝග නිළධාරීන්ට ලබා දීම
  • සියලුම විමර්ශන සම්බන්ධව නීතිපති දෙපාර්තමේන්තුව සමඟ සිදු කරන සම්බන්ධීකරණයෙන් අධීක්ෂණය කිරීම
  • තාක්ෂණික සාක්ෂි ලබාදීම
  • සියලුම දිස්ත්‍රික් කාර්යාල, ධීවර පරීක්ෂක කාර්යාල, ගුවන් විදුලි මද්‍යස්ථාන හා වරාය කාර්යාල විමර්ශන කටයුතු

වෙනත් රාජකාරී කටයුතු

  • ධීවර හා ජලජ සම්පත් පනතට හා විදේශ ධීවර යාත්‍රා පනතට අනුව බලයලත් නිලධාරීන් නම් කිරීම සඳහා අධ්‍යක්ෂ ජනරාල් වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම
  •  පරිපාලනමය දඩ අයකිරීම් මණ්ඩලය රැස් කිරීම සහ පරිපාලන දඩ අය කිරීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම අධීක්ෂණය
  • විදේශ සංචාර සහ පුහුණු සඳහා සහභාගී වන නිලධාරීන් විසින් ලබා දෙන පරීක්ෂණ වාර්තා පිලිබඳ තොරතුරු විශ්ලේෂණය හා සාරාංශ වාර්තා ලබා දීම
  • දැනුවත් කිරීම් සම්බන්ධ පත්‍රිකා, පොත් පිංච හා විඩීයෝ පට නිර්මාණය සඳහා පිරිවිතරයන් හා අත් පිටපත් (script )සැකසීම