Department of Fisheries and Aquatic Resources

ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව

Department of Fisheries and Aquatic Resources

+94 11 2 449 170

 
අරමුණ

යුරෝපා වෙළඳ පොළට අපනයනය කරනු ලබන මත්ස්‍ය නිෂ්පාදන සඳහා යුරෝපීය කොමිසම විසින් පනවන ලද අවශ්‍යතාවයන් සපුරාලීම තහවුරු කිරීමේ අරමුණින් මෙම අංශය, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව යටතේ ස්ථාපිත කරන ලද අතර එය 1999.01.04 දින සිට ක්‍රියාත්මක වේ.

පරමාර්ථ

මෙම අංශයේ ප්‍රධාන පරමාර්ථය නම් 1998 දී ප්‍රකාශයට පත් කරන ලද මත්ස්‍ය නිෂ්පාදන නියෝග ක්‍රියාත්මක කිරීම යටතේ ශ්‍රී ලංකාවෙන් ජාත්‍යන්තර වෙළඳපලට අපනයනය කරනු ලබන මනුෂ්‍ය පරිභෝජනය සඳහා වූ මත්ස්‍ය නිෂ්පාදනවල ගුණාත්මකභාවය හා සෞඛ්‍ය ආරක්ෂිතභාවය ඉහළ මට්ටමින් තහවුරු කිරීම වේ.

කාර්යයන්

ඉහත අරමුණු ලඟා කර ගැනීම පිණිස පහත කාර්යයන් මෙම අංශය මගින් ක්‍රියාත්මක කරනු ලැබේ.

  • මත්ස්‍ය පිරිසැකසුම් ආයතන සඳහා බලපත්‍ර නිකුත් කිරීම.
  • මත්ස්‍ය පිරිසැකසුම් ආයතනවලට අපනයනය සඳහා මසුන් සකස් කිරීමට බලය ලබාදීම.
  • මත්ස්‍ය පිරිසැකසුම් ආයතන නිරන්තරව පරීක්ෂාවට ලක් කිරීම.
  • මසුන් ගොඩබාන ස්ථාන පරීක්ෂා කිරීම.
  • අපනයනය සඳහා මසුන් සපයනු ලබන ධීවර යාත්‍රා පරීක්ෂා කිරීම.
  • අපනයනය පිණිස යොදා ගන්නා මසුන් ප්‍රවාහනය කරනු ලබන අයුරු පරීක්ෂා කිරීම.
  • අපනයනය කරනු ලබන මත්ස්‍ය නිෂ්පාදනවල සෞඛ්‍ය ආක්ෂිතභාවය තහවුරු කරන පරීක්ෂණ වාර්තා (Test Report) නිකුත් කරනු ලබන පරීක්ෂණාගාර අනුමත කිරීම.
  • අදාල ස්ථානවලින් ලබාගත් සාම්පල අනුමත පරීක්ෂණාගාරවලදි පරීක්ෂාවට ලක් කිරිම පිණිස නිල සාම්පල පරීක්ෂා වැඩසටහන ක්‍රියාත්මක කිරීම.
  • මසුන් සැකසීමේ ස්ථාන, බෝට්ටු හා මසුන් ගොඩබාන ස්ථාන රෙගුලාසියේ අඩංගු අදාල කොන්දේසි වලට අනුකූල නොවන අවස්ථා වලදී ඒ සම්බන්ධව නිසි පියවර ගැනීම.
  • අපනයනය කරනු ලබන මත්ස්‍ය නිෂ්පාදනවල අනාරක්ෂිත සෞඛ්‍ය තත්ත්වයන් පිළිබඳ ලැබෙන පැමිණිලි සම්බන්ධයෙන් අදාල පියවර ගැනීම.
  • මත්ස්‍ය හා මත්ස්‍ය නිෂ්පාදන වල ගුණාත්මකහාවය හා සෞඛ්‍ය ආරක්ෂිතභාවය මෙන්ම අපනයනය සඳහා මසුන් සපයන ධීවර යාත්‍රාවල කාර්යය මණ්ඩල සඳහා මත්ස්‍ය පරිහරණය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් සංවිධානය කිරීම හා ක්‍රියාත්මක කිරීම.
  • පරිහරණය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් සංවිධානය කිරීම හා ක්‍රියාත්මක කිරීම.
  • ජලජජීවි වගා නිෂ්පාදන (ඉස්සන්) සඳහා භාවිතා වන ප්‍රතිජීවක බෙහෙත් වර්ග හා රසායනික ද්‍ර‍ව්‍ය පාලනය කිරීම පිණිස ජලජීවී වගා අවශේෂ අධීක්ෂණ වැඩසටහන යටතේ දැනුවත් කිරීමේ වැඩසටහන් සංවිධානය කිරීම හා ක්‍රියාත්මක කිරීම.
  • මසුන් ඇල්ලීමේ සහතික නිකුත් කිරීම.
  • යුරෝපා කොමිසමට අයත් රටවලට අපනයනය සඳහා අනුමත මත්ස්‍ය සැකසුම් ආයතන-33
  • යුරෝපා කොමිසමට අයත් නොවන රටවලට පමණක් අපනයනය සඳහා අනුමත මත්ස්‍ය සැකසුම් ආයතන-17
  • මත්ස්‍ය ඇසුරුම් කටයුතු සඳහා අනුමත ආයතන-17
  • මේ යටතේ මත්ස්‍ය නිෂ්පාදන පිරිසැකසුම් ආයතන,ඉස්සන් වගා ගොවිපළ, පරීක්ෂණාගාර, ධීවර වරායන් පරීක්ෂා කිරීම සහ පරීක්ෂණාගාර විශ්ලේෂණ සඳහා නිල සාම්පල වැඩසටහන ක්‍රියාත්මක කිරීම අයත්වේ.
  • ක්ෂුද්‍රජීවි විද්‍යා පරික්ෂණ: ජලය, අයිස් සහ මසුන් සඳහා
  • රසායනික පරීක්ෂණ: මසුන්ගේ හිස්ටමීන් ප්‍රමාණය/බැර ලෝහ/ සංරක්ෂක/ආදේශක රසායනික

මේ යටතේ 2002 වසරේ ප්‍රකාශිත ජලජිවි වගා අවශේෂ අධික්ෂණ රෙගුලාසිය ක්‍රියාත්මක කිරිමට අදාල අධික්ෂණ, පරීක්ෂණ සාම්පල ලබාගැනීම සහ විශ්ලේෂණද නීතිමය පියවර ගැනීමද සිදුවේ.‍

සාම්පල පරීක්ෂා සිදුකරන පරාමිතින්
  • ප්‍රතිජීවක ඖෂධ
  • බැරලෝහ
  • කෘමිනාශක අවශේෂ
  • මැලකයිට් ග්‍රීන්
  • ඉස්සන් අභිජනන මධ්‍යස්ථානවල ජල සාම්පල ලබා ගැනීම සිදුකරයි

මේ යටතේ මසුන්ගේ හා මත්ස්‍ය නිෂ්පාදනවල ගුණාත්මක භාවය හා සෞඛ්‍ය ආරක්ෂිතභාවය ආරක්ෂා කිරීම පිළිබඳව අදාල පාර්ශවකරුවන් දැනුවත් කිරීමේ වැඩසටහන් සිදුකිරීම ප්‍රධාන වශයෙන් සිදුවේ.

 

තත්ත්ව පාලන උප කාර්යාලය -කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල:

  • 2014 ජනවාරි 13 වන දින කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ තත්ත්ව පාලන උප කාර්යාලය පිහිටුවන ලදී.
  • යුරෝපා කොමිසමේ රටවලට යැවෙන මත්ස්‍ය නිශ්පාදන වල නීත්‍යානුකූලභාවය තහවරු කිරීම සඳහා මසුන් ඇල්ලීමේ සහතික සත්‍යයෝක්ෂණය කිරීම මෙහිදි සිදුවේ.
  • ප්‍රති අපනයනය සඳහා ගෙන්වනු ලබන ආනයනික් මත්ස්‍ය තොග පරීක්ෂාව සිදු කරයි.
  • මත්ස්‍ය අපනයනය සංඛ්‍යාලේඛන දත්ත පද්ධතිය පවත්වා ගෙන යාමද මෙහිදි සිදු කරයි.