Department of Fisheries & Aquatic Resources

ධිවර මෙහෙයුම් අංශය

මෙම අංශය යටතේ ප්‍රධාන ඒකක 02ක් ක්‍රියාත්මක වේ;

  1. අන්තර්ජාතික ධීවර කටයුතු ඒකකය 
  2. සෝදිසි මෙහෙයුම් ඒකකය

අන්තර්ජාතික ධීවර කටයුතු ඒකකය

මහ මුහුදේ ධීවර මෙහෙයුම් සිදු කරන ශ්‍රී ලංකාවේ ලියාපදිංචි ධීවර යාත්‍රා මගින් අල්ලා ගත් මසුන් නීති විරෝධී, වාර්තා නොවූ සහ අවිධිමත් ධීවර ක්‍රියාකාරකම් වලින් තොරව, නීත්‍යානුකූල, නිවැරදි වාර්තා සහිතව සහ විධිමත් ලෙස අල්ලා ගෙන ඇති බවට ජාත්‍යන්තර වශයෙන් තහවුරු කිරීමට අදාල සත්‍යාපන වාර්තා නිකුත් කිරීම.

මහ මුහුදේ ධීවර මෙහෙයුම් වලට අදාල සියලු ධීවර වරායන්, කාර්යාල, යාත්‍රා අධීක්ෂණ මධ්‍යස්ථාන, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ වෙරළ ආරක්ෂක බලකාය යන මූලික කොටස්කරුවන් සහ නිලධාරින් ජාත්‍යන්තර ධීවර කටයුතු ඒකකය කේන්ද්‍ර කොට ගනිමින් ජාලගත සම්බන්ධතාවය මගින් සජීවී ව සම්බන්ධ කිරීම.

Electronic Log Book ක්‍රමයක් හදුන්වා දීම මගින් නිවැරදිවුත් කාර්යක්ෂමවුත් විශ්වාසදායකවුත් දත්ත වාර්තා කිරිමේ විද්‍යාත්මක ක්‍රමවේදයක් හඳුන්වා දීම මගින් VMS දත්ත සහ Log සටහන් ආශ්‍රිත දත්ත කඩිනමින් සත්‍යාපනය කිරීම.

බහුල වශයෙන් මහ මුහුදේ ධීවර නීති කඩ කරන ලද යාත්‍රා (Risk Vessel) හඳුනාගෙන වාර්තා කිරීම සඳහා පරිඝනක ආශ්‍රිතව ස්වයංක්‍රියව ලකුණු ලබා දීමේ වැඩසටහනක් හඳුන්වා දී එම ලකුණු මත පදනම්ව Risk High Risk යාත්‍රා තොරතුරු අදාල අංශ වෙත ලබා දීම.

මහ මුහුදේ ධීවර මෙහෙයුම් සිදු කරන ශ්‍රී ලංකාවේ ලියාපදිංචි ධීවර යාත්‍රා මගින් අල්ලා ගත් මසුන් නීති විරෝධී, වාර්තා නොවූ සහ අවිධිමත් ධීවර ක්‍රියාකාරකම් වලින් තොරව, නීත්‍යානුකූල, නිවැරදි වාර්තා සහිතව සහ විධිමත් ලෙස අල්ලා ගෙන ඇති බවට (Free from IUU) ජාත්‍යන්තර වශයෙන් තහවුරු කිරීමට අදාල සත්‍යාපන (Verification Report) වාර්තා නිකුත් කිරීම මෙම අංශයේ ප්‍රධාන කාර්යභාරය වන අතර මහ මුහුදේ ධීවර මෙහෙයුම් වලට අදාළ යාත්‍රා මගින් සිදුකරනු ලබන සාගර නීති උල්ලංඝනය කිරීම් සඳහා මූලික විමර්ශන සිදුකර අනාවරණය වන කරුණු මත වැඩිදුර විමර්ශනය සඳහා යොමු කිරීම.

මහ මුහුදේ ධීවර මෙහෙයුම් වලට අදාල සියලු ධීවර වරායන්/තත්ත්ව පාලන ඒකකය (20), ප්‍රාදේශීය කාර්යාල, යාත්‍රා අධීක්ෂණ මධ්‍යස්ථානය, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ වෙරළ ආරක්ෂක බලකාය යන මුලික කොටස්කරුවන්,මත්ස්‍ය අපනයන කරුවන් සහ ජාත්‍යන්තර ධීවර කටයුතු ඒකකය කේන්ද්‍ර කොට ගනිමින් 24*7 සේවා මුර සහිත ජාලගත සම්බන්ධතාවය මගින් සජීවි ව සම්බන්ධීකරණය කිරීම සහ High Sea යාත්‍රා පිළිබඳව යාවත්කාලින වන දත්ත ගබඩාවක් පවත්වා ගෙන යාම මෙන්ම වරායන් වලට Email මගින් සැම දිනකම දැනුම් දීම,IUU යාත්‍රා හඳුනා ගැනීම හා ඒ පිළිබඳව Possible IUU list නමින් යාවත්කාලීන වාර්තාවක් පවත්වා ගැනීම හා අදාළ අංශ දැනුවත් කිරීම අපගේ කාර්ය අතර ප්‍රධාන වේ.

කලාපීය සහ දේශීය වශයෙන් ලබා දීමට බැඳී සිටින ධීවර දත්ත නිසි කලට සහ නිවැරදිව ලබාදීම උදෙසා මහ මුහුදේ (High Sea) ධීවර කටයුතු වලට අයත් සහ දේශීය මුහුදු(EEZ) සීමාවේ ධීවර කටයුතු වලට අයත් Log Sheets වල සඳහන් තොරතුරු ගෙන්වා ගැනීම අධීක්ෂණය සහ කළමනාකරණය මෙන්ම ගබඩා කර තැබීම (Main web based data base වෙතට ඇතුලත් කිරීම) ද අපගේ තවත් ප්‍රමු කර්තව්‍යකි.

සෝදිසි මෙහෙයුම් ඒකකය

  1. ධීවර යාත්‍රා හා ගොඩබිම අතර ගුවන් විදුලි පණිවිඩ හුවමාරුව සඳහා සන්නිවේදන පහසුකම් ලබාදීම හා එම කටයුතු කිරීම.
  2. ධීවර යාත්‍රාවල සන්නිවේදන කටයුතු සදහා බලපත්‍ර ලබාදීමට හා ඇමතුම් සංඥා ලබා දීමට කටයුතු කිරීම.
  3. ධීවර යාත්‍රාවන්ට හා ධීවර කාර්මිකයින්ට වන අනතුරුවලදී රක්ෂණ ආවරණ ලබා ගැනීමට කටයුතු කර දීම.
  4. විදේශීය රටවලදී අත්අඩංගුවට පත් ධීවරයින් හා යාත්‍රා මුදා ගැනීම හා නැවත මෙරටට ගෙන්වා ගැනීම.
  5. දේශීය, ජාත්‍යන්තර හා විදේශ රටවලට අයත් මුහුදු සීමාවන්හී පාවී යමින් තිබෙන යාත්‍රා බේරා ගැනීමට කටයුතු කිරීම.
  6. පළමු යාත්‍රා සුපරීක්ෂණ පද්ධතිය ක්‍රියාත්මක කිරීම.