Department of Fisheries & Aquatic Resources

Overview

අපගේ දැක්ම

ධීවර හා ජලජ සම්පත් තිරසාර ලෙස පවත්වාගෙන යමින් ධීවර ප්‍රජාවගේ සමාජ-ආර්ථික තත්ත්වය ශක්තිමත් කිරීම තුළින් ජාතික ආර්ථිකයට ප්‍රශස්ත දායකත්වයක් ලබාදීම.

අපගේ මෙහෙයුම

ධීවර කර්මාන්තයේ තිරසාර සංවර්ධනය තුළින් ශ්‍රී ලංකා ආර්ථිකයට ඵලදායී දායකත්වයක් ලබා දීම සඳහා ජාතික හා ජාත්‍යන්තර නීති සහ ගිවිසුම්වලට අනුකූලව නව තාක්ෂණයන් අනුගමනය කරමින් ධීවර හා ජලජ සම්පත් කළමනාකරණය කිරීම.

ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු

ධීවර කර්මාන්තය ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයට වැඩි දායකත්වයක් ලබා දිය හැකි ප්‍රධාන අංශයකි. මිලියන 2ක පමණ ජනගහනයකගේ ජීවනෝපාය වන අතරම, මෙමගින් ජනතාවගේ පෝෂණ අවශ්‍යතා ද සපුරාලයි. ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව  විවිධ කාල වකවානුවලදී විවිධ ක්‍රමවේද ඔස්සේ ධීවර ක්ෂේත්‍රය සංවර්ධනය හා කළමනාකරණය කිරීමේ වගකීම දරන ප්‍රධාන ආයතනය වේ.

මේ වන විට දෙපාර්තමේන්තුවේ අවධානය ප්‍රධාන වශයෙන් යොමු වී ඇත්තේ ජාත්‍යන්තර සම්මුතීන්, නීති සහ නීතිරීතිවලට අනුකූලව වගකිවයුතු ධීවර කර්මාන්තයක් වෙත ධීවර ජනතාව යොමු කිරීම කෙරෙහි ය. එසේ වුවද, ධීවර ජනතාවගේ සමාජ-ආර්ථික තත්ත්වය වර්ධනය කිරීම අරමුණු කරගත් ක්‍රියාකාරකම් සහ වැඩසටහන් රාශිය දියත් කරන ලදී. සමාලෝචිත වර්ෂයේදී සහ ධීවර ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම මගින් උසස් තත්ත්වයේ මත්ස්‍ය අස්වැන්නක් ලබා ගැනීමේ හැකියාව වැඩිදියුණු කිරීමට අපේක්ෂා කෙරේ.

මීට අමතරව, ධීවර යාත්‍රා සහ ධීවර ආම්පන්න නිසි ලෙස කළමනාකරණය කිරීම තුළින් අනාගත පරපුර සඳහා පුනර්ජනනය වන නමුත් සීමිත ධීවර හා ජලජ සම්පත් ආරක්ෂා කිරීම සහ නියාමනය කිරීම දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යභාරයකි.