Department of Fisheries & Aquatic Resources

තත්ත්ව පාලන අංශය

ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව සහ පාරිභෝගික ආරක්ෂාව සහතික කිරීම සඳහා ශ්‍රී ලංකාව සිය ධීවර නිෂ්පාදන අපනයනය සඳහා දැඩි තත්ත්ව පාලන ක්‍රියාමාර්ගවලට ප්‍රමුඛත්වය දෙයි. මත්ස්‍ය සහ මත්ස්‍ය නිෂ්පාදන අපනයන රෙගුලාසි යටතේ ඇති විධිවිධාන මගින් පාලනය වන මෙම පියවරයන් සහතික කිරීම, පරීක්ෂා කිරීම සහ සනීපාරක්ෂාව සහ සනීපාරක්ෂක පිළිවෙත් පිළිපැදීම ඇතුළත් වේ. සොයාගැනීමේ පද්ධති සහ රසායනාගාර පරීක්ෂණ තත්ත්ව සහතිකය තවදුරටත් ඉහළ නංවන අතර ධාරිතා ගොඩනැගීමේ මුලපිරීම් කර්මාන්ත සේවකයින්ගේ කුසලතා වැඩි දියුණු කරයි. වෙළඳපල ප්‍රවේශ අවශ්‍යතා සපුරාලීමෙන් සහ නිෂ්පාදන අඛණ්ඩතාව පවත්වා ගැනීමෙන්, ගෝලීය වෙළඳපොලේ උසස් තත්ත්වයේ මුහුදු ආහාරවල විශ්වාසදායක මූලාශ්‍රයක් ලෙස ශ්‍රී ලංකාව සිය කීර්ති නාමය පවත්වා ගැනීම අරමුණු කරයි. ‌මෙම ‌දෙපාර්තමේන්තුවේ ත්ත්ව පාලන අංශය ඉහත ක්‍රියාකාරකම් සිදුකිරීමේ වගකීම දරන අතර එම අංශයේ ප්‍රධාන කාර්යයන් පිළිබඳ විස්තර පහත දැක්වේ.

ඉලක්කය

යුරෝපීය වෙළඳපොළට අපනයනය කරන මත්ස්‍ය නිෂ්පාදන සම්බන්ධයෙන් යුරෝපීය කොමිසම විසින් නියම කර ඇති අවශ්‍යතා සපුරාලීම සඳහා ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව යටතේ මෙම අංශය ස්ථාපිත කරන ලද මෙම අංශය 1999.01.04 දින සිට ක්‍රියාත්මක වේ.

අරමුණ

1998 දී ප්‍රකාශයට පත් කරන ලද මත්ස්‍ය නිෂ්පාදන (අපනයන) රෙගුලාසි ක්‍රියාත්මක කිරීම යටතේ ශ්‍රී ලංකාව විසින් මානව පරිභෝජනය සඳහා ජාත්‍යන්තර වෙළඳපොළට අපනයනය කරනු ලබන මත්ස්‍ය නිෂ්පාදනවල උසස් තත්ත්වය සහ ආරක්ෂාව සහතික කිරීම මෙම අංශයේ ප්‍රධාන අරමුණ වේ.

කාර්යයන්

ඉහත අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා තත්ත්ව පාලන අංශය විසින් පහත සඳහන් ක්‍රියාකාරකම් සිදු කරනු ලැබේ.

මත්ස්‍ය පිරිසැකසුම් ආයතන සඳහා බලපත්‍ර නිකුත් කිරීම.

මත්ස්‍ය පිරිසැකසුම් ආයතනවලට අපනයනය සඳහා මසුන් සකස් කිරීමට බලය ලබාදීම.

මත්ස්‍ය පිරිසැකසුම් ආයතන නිරන්තරව පරීක්ෂා කිරීම.

මසුන් ගොඩබෑමේ ස්ථාන පරීක්ෂා කිරීම.

අපනයනය සඳහා මසුන් සපයන ධීවර යාත්‍රා පරීක්ෂා කිරීම.

මසුන් ගොඩබෑමේ ස්ථානවල සිට සැකසුම් කම්හල් වෙත මසුන් ප්‍රවාහනය පරීක්ෂා කිරීම.

අපනයනය සඳහා එක් එක් මත්ස්‍ය තොග/ ධීවර නිෂ්පාදන තොග සඳහා සෞඛ්‍ය සහතික නිකුත් කිරීම.

අපනයනය කරනු ලබන මත්ස්‍ය නිෂ්පාදනවල සෞඛ්‍ය ආක්ෂිතභාවය තහවුරු කරන පරීක්ෂණ වාර්තා (Test Report) නිකුත් කරනු ලබන පරීක්ෂණාගාර අනුමත කිරීම.

අදාල ස්ථානවලින් ලබාගත් සාම්පල අනුමත පරීක්ෂණාගාරවලදි පරීක්ෂාවට ලක් කිරිම පිණිස නිල සාම්පල පරීක්ෂා වැඩසටහන ක්‍රියාත්මක කිරීම.

මසුන් සැකසීමේ ස්ථාන, බෝට්ටු හා මසුන් ගොඩබාන ස්ථාන රෙගුලාසියේ අඩංගු අදාල කොන්දේසි වලට අනුකූල නොවන අවස්ථා වලදී ඒ සම්බන්ධව නිසි පියවර ගැනීම.

අපනයනය කරනු ලබන මත්ස්‍ය නිෂ්පාදනවල අනාරක්ෂිත සෞඛ්‍ය තත්ත්වයන් පිළිබඳ ලැබෙන පැමිණිලි සම්බන්ධයෙන් අදාල පියවර ගැනීම.

මත්ස්‍ය හා මත්ස්‍ය නිෂ්පාදන වල ගුණාත්මකහාවය හා සෞඛ්‍ය ආරක්ෂිතභාවය මෙන්ම අපනයනය සඳහා මසුන් සපයන ධීවර යාත්‍රාවල කාර්යය මණ්ඩල සඳහා මත්ස්‍ය පරිහරණය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් සංවිධානය කිරීම හා ක්‍රියාත්මක කිරීම.

ජලජජීවි වගා නිෂ්පාදන (ඉස්සන්) සඳහා භාවිතා වන ප්‍රතිජීවක බෙහෙත් වර්ග හා රසායනික ද්‍ර‍ව්‍ය පාලනය කිරීම පිණිස ජලජීවී වගා අවශේෂ අධීක්ෂණ වැඩසටහන යටතේ දැනුවත් කිරීමේ වැඩසටහන් සංවිධානය කිරීම හා ක්‍රියාත්මක කිරීම.

මසුන් ඇල්ලීමේ සහතික නිකුත් කිරීම.

දැනට පවතින අනුමත මත්ස්‍ය සැකසුම් ආයතන

යුරෝපා කොමිසමට අයත් රටවලට අපනයනය සඳහා අනුමත මත්ස්‍ය සැකසුම් ආයතන-33

යුරෝපා කොමිසමට අයත් නොවන රටවලට පමණක් අපනයනය සඳහා අනුමත මත්ස්‍ය සැකසුම් ආයතන-17

මත්ස්‍ය ඇසුරුම් කටයුතු සඳහා අනුමත ආයතන-17

ක්‍රියාකාරකම් පරීක්ෂා කිරීම සහ අධීක්ෂණය කිරීම සහ නිල සාම්පල් වැටහන ක්‍රියාත්මක කිරීම

මේ යටතේ මත්ස්‍ය නිෂ්පාදන පිරිසැකසුම් ආයතන,ඉස්සන් වගා ගොවිපළ, පරීක්ෂණාගාර, ධීවර වරායන් පරීක්ෂා කිරීම සහ පරීක්ෂණාගාර විශ්ලේෂණ සඳහා නිල සාම්පල වැඩසටහන ක්‍රියාත්මක කිරීම අයත්වේ.

ක්ෂුද්‍රජීවි විද්‍යා පරික්ෂණ: ජලය, අයිස් සහ මසුන් සඳහා

රසායනික පරීක්ෂණ: මසුන්ගේ හිස්ටමීන් ප්‍රමාණය/බැර ලෝහ/ සංරක්ෂක/ආදේශක රසායනික

ජලජීවී වගා රසායනික අවශේෂ අධීක්ෂණ ජාතික වැඩසටහන ක්‍රියාත්මක කිරීම

මේ යටතේ 2002 වසරේ ප්‍රකාශිත ජලජිවි වගා අවශේෂ අධික්ෂණ රෙගුලාසිය ක්‍රියාත්මක කිරිමට අදාල අධික්ෂණ, පරීක්ෂණ සාම්පල ලබාගැනීම සහ විශ්ලේෂණද නීතිමය පියවර ගැනීමද සිදුවේ.‍

සාම්පල පරීක්ෂා සිදුකරන පරාමිතින්

ප්‍රතිජීවක ඖෂධ

බැරලෝහ

කෘමිනාශක අවශේෂ

මැලකයිට් ග්‍රීන්

ඉස්සන් අභිජනන මධ්‍යස්ථානවල ජල සාම්පල ලබා ගැනීම සිදුකරයි.

දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම

මේ යටතේ මසුන්ගේ හා මත්ස්‍ය නිෂ්පාදනවල ගුණාත්මක භාවය හා සෞඛ්‍ය ආරක්ෂිතභාවය ආරක්ෂා කිරීම පිළිබඳව අදාල පාර්ශවකරුවන් දැනුවත් කිරීමේ වැඩසටහන් සිදුකිරීම ප්‍රධාන වශයෙන් සිදුවේ.

රෙගුලාසින්ට අනුගත නොවන අවස්ථා සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සහ ආනයනය කරන රටවල් විසින් කරන ලද දැනුම්දීම් සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීම

තත්ත්ව පාලන උප කාර්යාලය -කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල:

2014 ජනවාරි 13 වන දින කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ තත්ත්ව පාලන උප කාර්යාලය පිහිටුවන ලදී.

යුරෝපා කොමිසමේ රටවලට යැවෙන මත්ස්‍ය නිශ්පාදන වල නීත්‍යානුකූලභාවය තහවරු කිරීම සඳහා මසුන් ඇල්ලීමේ සහතික සත්‍යයෝක්ෂණය කිරීම මෙහිදි සිදුවේ.

ප්‍රති අපනයනය සඳහා ගෙන්වනු ලබන ආනයනික් මත්ස්‍ය තොග පරීක්ෂාව සිදු කරයි.

මත්ස්‍ය අපනයනය සංඛ්‍යාලේඛන දත්ත පද්ධතිය පවත්වා ගෙන යාමද මෙහිදි සිදු කරයි.

අංශයේ ව්‍යුහය