Department of Fisheries and Aquatic Resources

ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව

Department of Fisheries and Aquatic Resources

+94 11 2 449 170

ජාත්‍යන්තර බැඳීම් වලට අනුකූල වීම

ශ්‍රී ලංකාව ධීවර කර්මාන්තය තිරසාරව පවත්වා ගැනීම සඳහා ජාත්‍යන්තර වගකීම්වලට අනුකූලව කටයුතු කිරීමට පහත සඳහන් පියවර ගෙන තිබේ

  1. 1982 දෙසැම්බර් මස 10 වන දින සාගරයේ නීතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතියට ශ්රී ලංකාව එකඟ විය (UNCLOS)

    2. ශ්‍රී ලංකාව වගකිමෙන් යුතු ධීවර කටයුතු සඳහා වන අහාර හා කෘෂිකර්ම සංවිධානය විසින් පලකල රීතින් හා ධජ රාජ්ය කාර්යසාධනය මාර්ගෝපදේශයන් වෙත අනුකූලතාවය පළකර ඇත. ශ්‍රී ලංකාව ඉන්දියානු සාගර ටූනා කොමිසම වැනි කලාපිය ධීවර කළමණාකරන ආයතනවල රීතීන්ට අනුකූලව කටයුතු කරන අතර, තිරසාර ධීවර කළමනාකරණය ප්‍රවර්ධනය කිරීම සඳහා අනෙකුත් කටයුතු සිදු කර ඇත. ශ්‍රී ලංකාව ඉන්දියානු සාගර ටුනා කොමිසමේ ආරම්භක සාමාජිකයෙකු වන අතර 1994 දී එහි සාමාජිකත්වය ලබාගන්නා ලදී.

    3. 1982 දෙසැම්බර් මස 10 වන දින සිට ක්‍රියාත්මක මත්ස්‍ය තොග හා සංක්‍රමණික මත්ස්‍ය තොග සංරක්ෂණය හා කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ එක්සත් ජාතීන්ගේ මත්ස්‍ය තොග ගිවිසුමට 1996 ඔක්තෝබර් 24 වන දින ශ්‍රී ලංකාව විසින් එළබෙන ලදී.

    4. තහනම්, නියාමනය නොකළ හා වර්තානොවූ ධීවර කටයුතු වැලැක්වීම, නැවත්වීම හා තුරන්කර දැමීම සඳහා වන එක්සත් ජාතීන්ගේ ගිවිසුම සහ වරාය රාජ්‍ය ගිවිසුම වෙත පළමුවෙන්ම සහය දැක්වූ රටවල් 25 අතර ශ්‍රී ලංකාවද විය.

    5. අන්තර්ජාතික මුහුදේ ධීවර කටයුතු පිලිබඳ එක්සත් ජාතීන්ගේ අහාර හා කෘෂිකර්මාන්ත සංවිධානය විසින් සම්පාදිත ගිවිසුම වෙත 2014 අගෝස්තු 29 දින ශ්‍රී ලංකාව එළබෙන ලදී.

    6. තහනම්, නියාමනය නොකළ හා වර්තානොවූ ධීවර කටයුතු වැලැක්වීම සඳහා වන ජාතික සැලැස්ම වර්තමානයේ ශ්‍රී ලංකාව විසින් ක්‍රියාත්මක කරනු ලබයි

    7. ඉහත සඳහන් නීති රීති සහ ගිවිසුම් වල සඳහන් සියලු නීතිමය අවශ්‍යතා 1996 අංක 2 දරන ධිවර පනත මගින් සපුරාලනු ලබන අතර එම පනත ක්‍රියාත්මක කරනු ලබන්නේ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසිනි.

    8. ධීවර හා ජලජ සම්පත් පනත මගින් ශ්‍රී ලංකාවේ ධීවර කටයුතු කළමනාකරණය කිරීම සඳහා අවශ්‍ය නීති සම්පාදනය කරයි. මසුන් ඇල්ලීම සඳහා ඩයිනමයිට් ඇතුළුව පුපුරන ද්‍රව්‍ය භාවිතා කිරීම, විෂ හෝ වෙනත් හානිකර රසායන භාවිතා කිරීම තහනම් කිරීම, තහනම් ධිවර කටයුතු සඳහා දඬුවම් කිරීම, දේශීය මසුන් විශේෂ හා ජෛව විවිධත්වය රැකගැනීම සඳහා සජීවී මසුන් සහ බිත්තර ශ්‍රී ලංකාවෙන් අපනයනය කිරීම හෝ ආනයනය කිරීමට තහනම් කිරීම, ධීවර සම්පත ආරක්ෂා කිරීම හා ධීවර සම්පත් කළමනාකරණය, ධීවර කර්මාන්තය සඳහා මසුන් ඇල්ලීමේ කාලසිමා පැනවීම හෝ විවෘත කිරීමට මෙම පනතෙන් බලතල සපයා ඇත.