හලාවත ධිවරයන්ගේ ගැටලු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා විසදයි
හලාවත ප්‍රදේශයේ ධිවර කාර්මිකයන්යට පවතින ගැටලු පිළිබද සොයා බැලිමට එම ප්‍රදේශයේ සංචාරයක නිරතවන ලෙස හලාවත එකාබද්ධ ධිවර සංවිධානය කරන ලද ඉල්ලිමකට අනුව 2023-05-13 දින හලාවත ධිවර කාර්යාලයට පැමිණි ධිවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා ධිවරයන්ට බලපාන ගැටලු හතරකට වහා විසදුම් ලබාදිමට පියවර ගත්තේය මෙහිදි ධිවර සංගම් නියොජිතයන් අදහස් දක්වමින් කියා සිටියේ ඉන්ධන අර්බුදය පැවති පසුගිය කාලයේ මෙම ප්‍රදේශ නියොජනය කරන ධිවරයන්ට ඉන්ධන ලබා ගැනිම සදහා පිරවුම් හලක් ලබා දිම පිළිබදව අමාත්‍යවරයාට ස්තුති කරන බව එහි සභාපති රොෂාන්දු මහතා ප්‍රකාශ කලේය තවද ධිවර පවුල් පලොස්දාහකට සෙත සැලසිම සදහා ධිවර වරායේ ඉදිකර ඇති මත්ෂ්‍ය වෙළද සැල් විස්සේන් පහලොවක් තම ධිවර සමිතියට ලබා දෙන ලෙස කලද එසේ නොමැතිව ටේන්ඩර් කිරිම තුළ වෙළද සැල් ව්‍යාපාරිකයන් අතට පත්විමෙන් ධිවරයන්ට අවාසියක් සිදු වන බවත් තම සංගමයට ලබාදෙන වෙළද සැල් සදහා අයකරන මාසික කුළිය රුපියල් 10000 ක් බවට පත් කරන ලෙසද ඉල්ලා සිටියහ එයට පිළිත්‍රරු දුන් අමාත්‍යවරයා එම කඩකාමර 10000 කට ලබාදිමට කටයුතු කරන ලෙස නිළධාරින්ට උපදෙස් ලබා දෙන ලදි. එහිදි දැනට වසාදමා ඇති හලාවත ධිවර වරායේ රේඩියේ පණිවුඩ මධ්‍යස්ථානය නවිකරණය කර ධිවරයන්ගේ පරිහරණයට ලබා දෙන ලෙස කරන ලද ඉල්ලිමට අමාත්‍යවරයා අදහස් දක්වමින් කියා සිටි රේඩියෝ මධ්‍යස්ථානයේ සිදු කිරිමට ඇති ප්‍රතිසංස්කරණ කටයුතු සති දෙකක් තුළ අවසන් කර දිමට අවශ්‍ය පියවර ගන්නා බව පැවසිය
තවද එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ හානියෙන් විපතට පත්වු ධිවරපවුල් සිටින අතර ඔවුන්ට සාධාරනයක් ඉටු කරන ලෙස ධිවර සමිතියක සභාපති ඇන්ටන් ප්‍රනාන්දු මහතා ඉල්ලා සිටියේය එහිදි අමාත්‍යවරයා කියා සිටියේ එක්ප්‍රස් පර්ල් නෞකායෙන් සෘජුවම හානියට පත් ධිවරයන් සදහා අදියර හතරක් යටතේ වන්දි ලබාදි ඇති බවත් මෙම ප්‍රදේශවල සිටින ධිවරයන්ට සිදුවි ඇති හානි පිළිබදව වාර්තවක් සහකාර අධ්‍යක්ෂ්‍යකවරයාගේ අනුමැතිය සහිතව ඉදිරිපත් කරන ලෙස පැවසිය
වැඩි දුරටත් අදහස් දැක් අමාත්‍යවරයා කියා සිටියේ තවද ඉන්දිය ට්‍රේලර් යාත්‍රාවලින් පැමිණෙන ධිවරයන් තම මුහුදු ප්‍රදේශයේ ධිවර සම්පත් විනාශ කරමින් සිටින බවත් එය නවතා ලිමට පියවර ගන්නා ලෙසද ඉල්ලා සිටියේය ඒ පිළිබද අදහස් දැක්වු අමාත්‍යවරයා ඉන්දිය ධිවර ආක්‍රමණය මෙම ප්‍රදේශවලට වඩා උතුරු නැගෙනහිර බහුලව සිදුවන අතර එය නතර කිරිම සදහා රාජ්‍යත්‍රනත්‍රික මැදිහත්විමක් කළද එය සාර්ථක නොවිය දැනට උතුරු නැගෙනහිර පළාත තුළ අත්තඩංගුවට ගැනිම් දැඩිකර තිබේන බවත් එම ක්‍රියාදාමයම මෙම ප්‍රදේශවලද සිදු කරන ලෙස නාවික හමුදාවට උපදෙස් දෙන අතරම අත්තඩංගුවට ගන්නා ට්‍රේලර් යාත්‍රා මේරට ධිවරන්ට ලබා දෙන අතර එහි ට්‍රේලර් යත්‍ර ගලවා රැකියාවේ නිරතවිමට උපදෙස් ලබා දෙන බව පැවසියමෙම සංචාරයේදි අමාත්‍යවරයා ධිවර වරායේ ඉදිකල නව වෙළද සැල් නිරික්ෂණයටද එක් වු අතර පසුව වෙල්ලමංකර ධිවර වරායේද නිරික්ෂනයටද එක්වි එහි පවතින අඩුපාඩු කඩිනමින් සකස් කිරිමට පියවර ගන්නා ලෙස නිළධාරින්ට උපදෙස් ලබා දෙන ලදි
මෙම අවස්ථාවට ධිවර වරායේ නිළධාර්න් හා ධිවර දේපාර්තමෙන්තුවේ හලාවත ප්‍රෙද්ශය භාර නිළධාරන්ද එක් විය.
නෙල්සන් එදිරිසිංහ
ගරු අමාත්‍යතුමාගේ
මාධ්‍ය ලේකම් .
ධීවර කර්මාන්තය ශක්තිමත් වීමට එක්ස්ප්‍රස් පර්ල් වන්දි මුදල් නිසියාකාරව භාවිතා කල යුතුයි – ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ හානියෙන් විපතට පත් ධීවර කාර්මිකයන් සදහා සිව්වන අදියරේ වන්දි මුදල් ලබාදීම ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ හා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් 2023.05.11 වන දින ධීවර අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී සිදු කෙරිණි.
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ අනතුර හේතුකොට ගෙන පනවන ලද ධීවර තහනම් කළාපය හේතුවෙන් ජීවිකාව අහිමි වූ ධීවරයන් පහළොස්දහසක පමණ පිරිසක් හා ධීවර කර්මාන්තය ආශ්‍රිත රැකියාවල නිරතවන පන්දහසකට ආසන්න පිරිසක් නියෝජනය වන පරිදි හා තෝරාගත් ධීවරයන් හා ධීවර කර්මාන්තය නිරතවන්නන්ගෙන් දැල් ආම්පන්න වලට හානි වු ධීවරයන් තිස් දෙනෙකුට පමණ මෙහිදී සංකේතාත්මකව වන්දි චෙක්පත් බෙදා දෙනු ලැබීය. සෙසු සියලු වන්දිලාභීන්ට ඔවුන් ජීවත්වන ප්‍රදේශවල ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා වන්දි ලබාදීමට කටයුතු කරනු ඇත.
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සාගර පරිසරයට එක්වූ විවිධ ද්‍රව්‍ය හේතුවෙන් දැල් ආම්පන්නවලට හානි සිදුවූ ධීවරයන් 20 දෙනෙකුට පමණ ඔවුන්ට සිදුවූ අලාභය සඳහා නැවේ රක්ෂණ ආයතනය වෙතින් ලද වන්දි මුදල් ප්‍රදානය කිරීම ද මෙහිදී සිදු විය. මේ වනවිට ධීවර ක්ෂේත්‍රයේ වන්දි ප්‍රදානය වෙනුවෙන් නෞකාවේ රක්ෂණ ආයතනය විසින් රු. මිලියන 3068 (කෝටි 300 කට අධික මුදලක්) ක පමණ මුදලක් ලැබී ඇති අතර පළමු වට තුනේදී ලද රු. මිලියන 1463 (කෝටි 146) ක පමණ මුදලක් ජීවිකාව අහිමි වූ ධීවරයන් වෙත මේ වන විටද බෙදා දී ඇත.
සිව්වන වටයේ වන්දි ගෙවීම සඳහා නෞකාවේ රක්ෂණ ආයතනය වෙතින් ශ්‍රී ලංකා රජය වෙත රු. මිලියන 1605 (කෝටි 160. 5) ක පමණ මුදලක් ලැබී ඇති අතර සිව්වන වටය අවසන් වනවිට ජීවිකාව අහිමි වූ එක් ධීවරයෙකුට තම රැකියා කාණ්ඩය අනුව රු. 112,500 සිට රු. 295, 000 දක්වා වන මුදලක වන්දියක් හිමිවේ. දින 22 ක් පමණක් ධීවර තහනම පැවති මිගමුව කලපුව ආශ්‍රිතව ධීවර කටයුතුවල නියලෙන ධීවරයන්ට පවා අවම වශයෙන් රු. 45,000 ක පමණ වන්දි මුදලක් හිමිව ඇත.
ධීවර ආශ්‍රිත වක්‍ර රැකියාවල නිරතවන මත්ස්‍ය අලෙවිකරුවන්, කරවල නිෂ්පාදකයන්, දැල් ආම්පන්න අලෙවිකරුවන්, බෝට්ටු අලුත්වැඩියාකරන්නන් වැනි පුද්ගලයන්ට ද ධීවර තහනම හේතුවෙන් සිදුවූ අලාභය සඳහා ඔවුන්ගේ රැකියා කාණ්ඩය අනුව රු. 22,500 සිට රු. 336,000 දක්වා වන වන්දි මුදලක් හිමිව ඇත.
එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුර හේතුවෙන් ධීවරයන්ට සිදුවූ සෘජු හානි සම්බන්ධ සොයා බැලීමට ධීවර අමාත්‍යංශය මගින් පත් කළ කමිටුව විසින් සකස් කළ වාර්තා හා වන්දි ඉල්ලීම් 06 ක් ධීවර අමාත්‍යංශය විසින් නෞකාවේ රක්ෂණ ආයතනය වෙත මීට පෙර ඉදිරිපත් කර ඇත. මෙහි මුල්ම වාර්තාව අනතුර සිදුවී සති දෙකක කාලයක් තුළ ඉදිරිපත් කරන ලද අතර 06 වන වාර්තාව 2022 වසරේ ජූලි මාසයේදී ඉදිරිපත් කර ඇත. මෙම කමිටුව විසින් සකස් කරන ලද අවසන් වාර්තාව කමිටුවේ සභාපති ධීවර අමාත්‍යංශයේ අධ්‍යක්ෂ ජනරාල් (තාක්ෂණික) ධම්මික රණතුංග හා ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත යන මහත්වරුන් විසින් ධීවර අමාත්‍යතුමා වෙත පිළිගැන්වීම ද මෙම අවස්ථාවේදී සිදු කරන ලදි.
මෙහිදි අදහස් දැක්වු රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පවසා සිටියේ මේ අවාසනාවන්ත සිද්ධිය වුන වහාම ගරු කැබිනට් අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මැතිතුමා අදාල සියළු දෙනාම කැඳවා ධීවර ජනතාව වෙනුවෙන් මේ ඇති වුන ඛේදනීය සිද්ධිය සම්බන්ධව මැදිහත් වෙලා ඉතාමත්ම ඉක්මනින් අවශ්‍ය පියවර ගන්නා ලෙස උපදෙස් ලබා දී තිබූ අතර අමාත්‍යාංශ සහ ආයතන නියෝජනය කරමින් ධීවර ජනතාව වෙනුවෙන් රජයෙන් කල යුතු යම් වැඩ කොටසක් වේ නම් ඒ කටයුත්ත ඉතාමත්ම නිවැරදිව හා විධිමත් ආකාරයෙන් කඩිනමින් ජනතාවට ඒ අවශ්‍ය කරන සහනයක් සලසා දෙන බවයි. විශේෂයෙන්ම ගරු ඩග්ලස් දේවානන්දා අමාත්‍ය තුමාට සහ මේ වෙනුවෙන් කටයුතු කරපු සියළු නිලධාරීන්ටද ස්තුතිය පුද කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
හැම වෙලාවේම රටේ සිදුවන විපත්ති වලින් විරුද්ධ පක්ෂය තමන්ගේ පටු දේශපාලන ඉල්ලක්කයන් කරා යන්න සුදානම් වෙනවා. එසේ කිරීමෙන් කවදද මේ රට ගොඩනගන්න පුළුවන් වෙන්නේ හැමවෙලාවෙම සාම්ප්‍රදයිකව විපක්ෂය හැටියට ඒ අය ක්‍රියාත්මක කරන්නේ මේ ජනතාවට සහන ලබදෙනවට සහ ජනතාව වෙනුවෙන් පෙනී සිටිනවාට වඩා තමන්ගේ පෞද්ගලික දේශපාලන න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක කිරීමයි. විපක්ෂය ලෙස මේ සිද්ධිය වුන අවස්ථාවේ සිට ධීවර අමාත්‍යංශයත් හා එක්කව මේ කටයුත්ත කඩිනමින් කිරීමට සහයෝගය ලබාදෙන්න තිබුනා. ඒත් ඔවුන් එසේ කළේ නෑ. ඊයේ දිනයේ පාර්ලිමේන්තුව තුල විපක්ෂ නායකතුමා ඉතාමත්ම අසත්‍ය ප්‍රකාශ සිදුකලා.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා කියා සිටියේ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ හානිය සිදු වු අවස්ථාවේ සිට මාගේ අමාත්‍යාංශය ක්‍රියාත්මක වෙමින් ධීවර කාර්මිකයා රැක ගැනීමට කටයුතු කල අතර වන්දි ලබා ගැනීම එම වන්දි මුදල් සාධාරණ ලෙස හානියට පත් ධීවරයන් වෙත ලබා දීමට කටයුතු කරන අතර ධිවර කාර්මිකයා නැවත රැකියාවට යන තත්වයට ගෙන ඒමට විශාල කාර්යක් කරමින් සිටී. එහෙත් පසුගිය කාලය පුරා විවිධ දේශපාලන කණ්ඩායම් පටු දේශපාලන අරමුණු වෙනුවෙන් කටයුතු කරමින් සිටින අතර රජයේ කටයුතු විවේචනය කරමින් කඩාකප්පල් කිරීමට මාන බලමින් සිටින බව පෙනී ගියා. එහෙත් අපගේ ධීවර කාර්මිකයන් එවැනි උගුල් වලට හසු නොවී තමන්ට හිමි වන්දි මුදල් ලබා ගනිමින් නැවත ධීවර කර්මාන්තයට නැඹුරුවීමට කටයුතු කරමින් සිටීම සතුටට කරුණක් බවත් ධීවරයන් වෙනුවෙන් මෙම වන්දි මුදල් ලබා ගැනීමේදී රජයක් ලෙස එක්ව කටයුතු කිරීමේදී ගරු ජනාධිපතිතුන් ප්‍රමුඛ හිටපු ධිවර රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර, විජේදාස රාජපක්ෂ හා අලිස්සබ්‍රි යන අමාත්‍යවරුන්ගේ සහයෝගය නිබදවම ලැබුණු අතර ඒ වෙනුවෙන් විශේෂ ස්තුතියක් පිරිනැමීම තම යුතුකම වන බවත් විපක්ෂය කුමන කථා කීවද ධීවරයන් සදහා ඉදිරියේදී ලබා ගැනීමට හැකි උපරිම වන්දි මුදල් ලබා දීමට අමාත්‍යාංශය ලෙස පියවර ගන්නා බව එතුමා වැඩිදුරටත් පැවසීය.
මෙම අවස්ථාව සදහා ධීවර අමාත්‍යාංශයේ ලේකම් ඉන්දු රත්නායක මහත්මිය, ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත, අධ්‍යක්ෂ ජනරාල් ධම්මික රණතුංග (තාක්ෂණ), අතිරේක ලේකම් නාමල් තලංගම යන මහත්වරුන් ඇතුළු ගම්පහ , කොළඹ හා කළුතර දිස්ත්‍රික්කයන්හි ප්‍රාදේශිය ලේකම්වරුන්, එම දිස්ත්‍රික්කයන්හි දිස්ත්‍රික් ධීවර සංගම් ලේකම්වරුන් ඇතුළු පිරිසක් සහභාගී විය.
නෙල්සන් එදිරිසිංහ
ගරු අමාත්‍යතුමාගේ
මාධ්‍ය ලේකම්.
විසිතුරු මත්ස්‍ය වගා කර්මාන්තයට නවීන තාක්ෂණය හඳුන්වා දීමට පියවර ගන්නවා – ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා
ලංකාවට විදේශ විනිමය උපයන මාර්ග අතුරෙන් විසිතුරු මත්ස්‍ය කර්මාන්තය සහ ජලජ පැළෑටි කර්මාන්තය ප්‍රමුඛව සැලකෙන අතර මෙම කර්මාන්තයට නැඹුරුවන වගාකරුවන් වැඩි කිරීම සඳහා ධීවර අමාත්‍යාංශය සහ ජලජීවී වගා සංවර්ධන අධිකාරිය මේ වන විට සැලසුම් සකස් කරමින් සිටින බවත් කර්මාන්තකරුවන් සඳහා අවශ්‍ය තාක්ෂණික හා ශ්‍රී යටිතල පහසුකම් පිළිබඳ සොයා බැලීම සඳහා ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා 2023/4/30 දින කැළණි මිටියාවත ප්‍රදේශයේ හෝමාගම සහ පාදුක්ක ප්‍රදේශයන්හි නිරීක්ෂණ සංචාරයක විය. මෙම සංචාරය සදහා පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන මහතාද සහභාගි විය.
මෙහිදී විසිතුරු මත්ස්‍ය හා ජලජ පැළෑටි කර්මාන්තකරුවන් අමාත්‍යවරයාට පෙන්වා දුන්නේ වර්තමානය වන විට ලබා දෙන මත්ස්‍ය ආහාර මිල අදිකවිමත් පොකුණු සඳහා භාවිතා කරන්න උපාංග වල මිල ඉහළ යාම මත මෙම කර්මාන්තය කරගෙන යාමේදී දැඩි අසීරුතාවයට පත්ව සිටින බවත්ය. එබැවින් ඒ සඳහා රජය මැදිහත්ව යම් සහනයක් ලබා දෙන්නේ නම් රටක් තුළට ගෙන එන විදේශ විනිමය තවත් වැඩි කළ හැකි අතරම ප්‍රදේශයේ බොහෝ පිරිසකගේ රැකියා ප්‍රශ්නයට ද යම් සාධනීය විසඳුමක් ලබා දිය හැකි බව පැවසීය.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේය වර්තමාන ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයා නියෝජනය කරන ප්‍රදේශයක් ලෙස මෙම ප්‍රදේශයේ ජනතාව තුළ පවතින ගැටලු එතුමන් හොඳින් අවබෝධ කරගෙන සිටින බවත් අග්‍රාමාත්‍යතුමාගේ උපදෙස් පරිදි මෙම වගා පොලවල් නිරීක්ෂණය කිරීමට තමන් කටයුතු කළ බවත් රටට විදේශ විනිමය බොහෝ ප්‍රමාණයක් ගෙන ඒමට අවශ්‍ය පහසුකම් සලසා දීම සඳහා අමාත්‍යාංශය මෙන්ම ජල ජීවී වගා සංවර්ධන අධිකාරිය නිරන්තරයෙන් කටයුතු කරන්න කරන බවද පැවසීය තවද මත්ස්‍ය ආහාර සහ පොකුණු සඳහා භාවිතා කරන මෙවලම් වල මිල පහත හෙළීම සඳහා අග්‍රාමාත්‍යතුමන් සමඟ සාකච්ඡා කර පියවර ගන්නා බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටින ලදි.
මෙම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් ඉන්දු රත්නායක මහත්මිය ජලජීවී වගා සංවර්ධන අධිකාරිය සභාපති අධ්‍යක්ෂ ජනරාල් අග්‍රාමාත්‍ය සම්බන්ධීකරණ ලේකම් තුමන් ඇතුළුව පිරිසක් එක්ව සිටියහ
නෙල්සන් එදිරිසිංහ
ගරු ධීවර හා ජලජ සම්පත් අමාත්‍යතුමාගේ
මාධ්‍ය ලේකම්
ලේ දන් දිමක් ධිවර අමාත්‍යංශ පරිශ්‍රයේදි
ධිවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා හා රාජ්‍ය අමාත්‍ය ප්‍රියල් නිශාන්ත මහතා ගේ උපදෙස් පරිදි ධිවර අමාත්‍යංශය හා ධිවර දෙපාර්තුමේන්තුවේ සුභ සාධක සංගම් වල සංවිධානයෙන් ලේ දන් දිමේ කදවුරක් 2023/03/16 දින ධීවර අමාත්‍යංශ පරිශ්‍රයේදි පැවැත්වේ.
මෙහිදි ධිවර අමාත්‍යංශයට අයත් අනුබද්ධ ආයතන වල නිලධාරින් හා අමාතංශ්‍ය ලේකම් තුමිය ඉන්දු රත්නායක මහත්මියගේ ප්‍රදධානත්වයෙන් ලේ දන් දිමේ කදවුර අරම්භ වු අතර බොහෝ නිලධාරින් පිරිසක් ලේ දන් දිමට එක්ව සිටියහ.
නෙල්සන් එදිරිසිංහ
ගරු අමාත්‍යතුමාගේ
මාධ්‍ය ලේකම්.
ඔලුවිල් ධිවර වරායේ ටින් මාලු කර්මාන්තශාලාවක් අර්ම්භ කිරිමට අදාල ගිවිසුමකට අත්සන් තැබේ
ධිවර වරායක් ලෙස පරිවර්තනය කරන ලද ඔලුවිල් වරායේ ධිවර මෙහෙයුම් කටයුතු මේ වනවිට ඉතා සාර්ථකව සිදුවන අතර රායට ගොඩබාන මත්ෂ්‍ය තොග අතුරින් අතිරික්ත මත්ෂ්‍ය තොග භාවිතා කරමින් ටින් මාලු කර්මාන්තශාලාවක් ආරම්භ කිරිමට ටෙස් පෞද්ගලික සමාගම හා ධිවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා අතර අවස්ථා කිහිපයකදි සිදු කරන ලද සාකඡ්ඡාවලින් පසු 2023/02/07 දින කර්මාන්තශාලාවක් ඉදිකිරිමට අදල ගිවිසුම සදහා අත්සන් තැබිම ධිවර අමාත්‍යංශයේදි සිදු විය.
රටේ ජනතාවට අවශ්‍ය ටින් මාලු රට තුළම නිෂ්පාදනය කිරිමට අමාත්‍යවරයාගේ අවධානය යොමුවි ඇති බවත් මෙම කර්මාන්තශාලාව ඉදිකිරිම තුළ මෙහි නිපදවන ටින් මාලුවල අතිරික්තය විදේශ රටවලට අපනයනය කිරිමටද හැකියාවක් පවතින බවද අමාත්‍යවරයා මෙහිදි ප්‍රකාශ කරන ලදි
මෙම ගිවිසුමට අමාත්‍යංශය වෙනුවෙන් අමාත්‍යංශ ලේකම් ඉන්දු රත්නායක මහත්මිය ටේස් පෞද්ගලික සමාගම වෙනුවෙන් එහි සභාපති ෂිරාන් ප්‍රනාන්දු මහතා විසින් අත්සන් තබන ලදි .
මෙම අවස්ථාවට ධිවර අමාත්‍යංශයේ අතිරේක ලේකම් නාමල් තලන්ගම මහතා ඇතුලු නිළධාරින් පිරිසක් මෙන්ම ටෙස් පෞද්ගලික සමාගමේ නිළධාරින් පිරිසක් එක්ව සිටියහ.
නෙල්සන් එදිරිසිංහ
ගරු අමාත්‍යතුමාගේ
මාධ්‍ය ලේකම්
දකුණු කොරියානු තානාපති හා ධීවර අමාත්‍යවරයා අතර කොළඹදි විශේෂ හමුවීමක්.
මෙරට ධීවර කර්මාන්තයේ සංවර්ධනයට අවශ්‍ය තාක්ෂණය හා මූල්‍ය ආයෝජනයන් ලබා ගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා දකුණු කොරියානු තානාපති සන්තුෂ් වොංජින් යොංග්, (Santhush Woonjin Jeong) මහතා හා ධිවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා අතර විශේෂ හමුවීමක් 2023.01.26 ධීවර අමාත්‍යංශයේදි සිදුවිය.
මෙහිදී අදහස් දැක්වූ ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසා සිටියේ ධීවර කර්මාන්තය සඳහා තාක්ෂණය ඉහළින්ම භාවිතා කරන රාජ්‍යයක් ලෙස දකුණු කොරියාව සැලකෙන අතර එම තාක්ෂණය මෙරට ධීවර කර්මාන්තයට හඳුන්වා දීමට තම අපේක්ෂාව බැවින් විශේෂයෙන් මෝදා වගාව, ඉස්සන් කර්මාන්තය සඳහා නවීන තාක්ෂණය දකුණු කොරියාව තුල භාවිතා කරන අතරම එම තාක්ෂණය මෙරටට හඳුන්වාදීම තුළ අපගේ ධීවර කර්මාන්තය ඉහළ නැංවිය හැකි බවට තම අපේක්ෂාව බවත්, මත්ස්‍ය අභිජණනය කිරීමේ තාක්ෂණය අප රටේ ධීවර කර්මාන්තයට ලබාදීම සදහා විශේෂ තාක්ෂණික මධ්‍යස්ථාන කිහිපයක් පිහිටුවීමට සහයෝගය ලබාගැනීම තමා අපේක්ෂාවෙන් සිටින අතරම කරවල නිෂ්පාදනය, ශීතාගාර පහසුකම්,නවීන තාක්ෂණය යටතේ සංවර්ධනය කිරීමට අවශ්‍ය තාක්ෂණය සහ මුල්‍ය ආධාර ලබාගැනීමට අපේක්ෂාවෙන් සිටින බවත්, ලංකාවේ නිපදවන මත්ස්‍ය නිෂ්පාදන දකුණු කොරියාව තුල හොඳ වෙළෙඳ පොළක් ඇති කර විදේශ විනිමය උපයා ගැනීමට අවශ්‍ය සහයෝගය අපේක්ෂා කරන අතරම ලංකාවේ භාවිතා කරන බහුදින ධීවර යාත්‍රා සඳහා නවීන තාක්ෂණය හඳුන්වා දීමට අමතරව මෙරට තරුණයන් දකුණු කොරියාවේ රැකියා සඳහා යොමු කිරීමටද අවශ්‍ය කටයුතු සලසා දෙන ලෙස අමාත්‍යවරයා මෙහිදී තානාපතිවරයාගෙන් ඉල්ලා සිටින ලදී.
මෙහිදි අදහස් දැක්වු තානාපතිවරයා පවසා සිටියේ ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තයට අවශ්‍ය තාක්ෂණය හා මුල්‍යධාරවලට අමතරව නිලධාරීන් පුහුණු කිරීමටද දකුණු කොරියානු රජය නිරන්තරයෙන්ම සිදු කරන බවත් ඉදිරියේදි අමාත්‍යවරයාගේ ඉල්ලීම මත මොදා මත්ස්‍යා, ඉස්සන් වගාව, මුහුදු කූඩැල්ලන් වගාවට අවශ්‍ය තාක්ෂණික සහයෝගය ලබාදීම සදහා පියවර ගන්නා අතරම බහුදින ධීවර යාත්‍රා සදහා නවීණ තාක්ෂණය හදුන්වා දීමට වරායන් වලට අවශ්‍ය තාක්ෂණය හදුන්වාදීම මෙන්ම සාගරයේ මත්ස්‍ය ගහන සිදුවන ප්‍රදේශ ගැන ධීවරයන්ට නිරන්තරයෙන් තොරතුරු ලබාගැනීමට අවශ්‍ය තාක්ෂණය ලබාදීමට ද පියවර ගන්නා අතර දකුණු කොරියානු
රාජ්‍යයේ ධීවර කටයුතු සඳහා ශ්‍රමිකයන් පිටකර ගැනීමට ද අවශ්‍ය කටයුතු කඩිනමින් සලසා දෙන බව තානාපතිවරයා පැවසූ අතර, ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තය සංවර්ධනය කිරීම සඳහා වත්මන් ධීවර අමාත්‍යවරයා ලෙස ඩග්ලස් දේවානන්දා මහතා ගන්නා සෑම උත්සාහයකටම තම රටේ තාක්ෂණය හා මූල්‍ය පහසුකම් සැලසීමට අවශ්‍ය පියවර ගන්නා බවද පැවසීය.
මෙම අවස්ථාවට ධීවර අමාත්‍යාංශයේ ලේකම් ඉන්දු රත්නායක මහත්මිය, අමාත්‍යවරයාගේ උපදේශක තවරාසා මහතා, උපදේශක නවරත්න රාජා මහතා, ධීවර දෙපාර්තමේන්තුව අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා, අධ්‍යක්ෂ ජනරාල් ධම්මික රණතුංග මහතා ඇතුලු පිරිසක් සහභාගී විය.
නෙල්සන් එදිරිසිංහ
ගරු අමාත්‍යතුමාගේ
මාධ්‍ය ලේකම්
මියගිය කාර්යාල කාර්ය සහයකයාගේ සේවය අගය කරමින් ඔහුගේ දියණියට ධීවර සම්මේලනයෙන් මුදල් උපකාරයක්.
2023.01.09 වන දින ධීවර අමාත්‍ය හා ජාතික ධීවර මහා සම්මේලනයේ සභාපති ඩග්ලස් දේවානන්දා මහතා අතින් එම අමාත්‍යංශයේ කාර්යාල සහයකයකු ලෙස සේවය කොට පසුගිය දිනක හදිසියේ මියගිය එල්.ජයසේන මහතාගේ සේවය අගය කරමින් ඔහුගේ දියණිය වන ෂෙහානි ඉන්දීවරි යන අයට මුදල් ආධාරයක් ජාතික ධීවර මහා සම්මේලනය විසින් පිරිනමන ලදි.
එල්.ජයසේන මහතා තමන්ගේ සේවය ඉතාමත් හොදින් අවංකව ඉටුකිරීම නිසා ඔහු වෙනුවෙන් මෙම ත්‍යාගය පිරිනැමු බවත්, ඔහුගේ දියණියගේ අනාගතය සාර්ථක වේවායි..! ප්‍රාර්ථනා කරන බවද ඇයට ඉදිරි කාලයේදි සිය ජීවිතය සාර්ථක කරගැනීම සදහා අවශ්‍ය උදව් උපකාර කිරීමට තමන් හා තමන්ගේ කාර්ය මණ්ඩලය බලාපොරොත්තු වන බවද පැවසු අමාත්‍යවරයා සිය පියා ලෙසම සමාජයට අවංකවම සේවය කිරීමට කටයුතු කළයුතු බවද ප්‍රකාශ කළේය.
මෙම අවස්ථාවට ජාතික ධීවර මහා සම්මේලනයේ ප්‍රදාන ලේකම් නෙල්සන් එදිරිසිංහ මහතා සහ ජාතික ධීවර මහා සම්මේලනයේ පරිපාලන ලේකම් එස්.ඒ.දිසානායක මහතාද සහභාගි විය.
නෙල්සන් එදිරිසිංහ
ගරු අමාත්‍යතුමාගේ
මාධ්‍ය ලේකම්
Ne/A
තිරසාර සංවර්ධනය හා ආහාර සුරක්ෂිතතාවය වෙනුවෙන් ධීවර අමාත්‍යංශය විශාල වැඩකොටසක් කරනවා.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා පවසයි.
තිරසාර සංවර්ධනය හා ආහාර සුරක්ෂිතතාවය පිළිබදව හා ජනතාවට ප්‍රෝටීන සැපයිම පිළිබදව ධීවර අමාත්‍යංශය විසින් සිදුවන මහගු කාර්ය අද දින නවීණ තාක්ෂණය අනුව සීතාගාර සහිත බහුදින යාත්‍රාවක් දියත්කිරීම හරහා සිදුවන කාර්යභාරයත් සමග නව ගමනක් වර්ධනය වන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා 2023.01.03 වන දින ධීවර අමාත්‍යංශයේ ආයතන වන නාරා, නැක්ඩා හා සීනෝර් ආයතනයත් ධීවර දෙපාර්තමෙන්තුවත් සමග එකතු වී පැරණි බහුදින යාත්‍රාවක් ප්‍රතිසංස්කරණය කොට සිසිලන පද්ධතියක් (සීතාගාරය) සමග බහුදින යාත්‍රාවක් දියත් කිරීමේ සමාරම්භය වෙනුවෙන් දික්ඔවිට ජාත්‍යන්තර ධීවර වරායේ පැවති උත්සවයේදි ප්‍රකාශ කළේය.
එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (F.A.O) මූල්‍ය ප්‍රතිපාදන හමුවේ දියත් කෙරුණු ධීවර කර්මාන්තයේ පසු අස්වනු හානි අවම කිරීම තුළින් ආහාර සුරක්ෂිතතාවය සහතික කිරීමේ ව්‍යාපෘතිය යටතේ හදුන්වාදෙන සිසිලන පද්ධති සහිත බහුදින ධීවර යාත්‍රාවක් දියත් කිරීමේ සමාරම්භක උස්සවය ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ හා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාගේ ආරාධනයෙන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් දියත් කරන ලදි.
මෙහිදි අග්‍රාමාත්‍යතුමා වැඩිදුරටත් අදහස් දක්වමින් කැබිනට් මණ්ඩලයේ තමන් අසලම වාඩිවී සිටින ඩග්ලස් දේවානන්දා අමාත්‍යවරයා මෙරට ධීවර කර්මාන්තය නවීණ තාක්ෂණය සහිතව සිසිලන පද්ධති සවිකිරීම සදහා විශාල උත්සාහයක් දරා ඇති බවත් එතුමාට ඒ සදහා රාජ්‍ය අමාත්‍ය පියාල් නිශාන්ත මහතා විශාල සහයෝගයක් ලබාදෙන බව තමන් හොදින් දන්නා බවද පැවසීය. අද ලෝකයේ බහුලව කතාකරන තිරසාර සංවර්ධනය හා ආහාර සුරක්ෂිතතාවය පිලිබදව මෙරට මෙන්ම ධීවර ප්‍රජාවටද විශාල කාර්යභාරයක් සිදුකිරීමට තිබෙන බව පැවසු අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ මෙතෙක් ධීවර ප්‍රජාව වෙනුවෙන් කරන්නා වු එම සුවිශේෂි කටයුත්ත පසු අස්වනු ආරක්ෂාකිරීම යන විෂය කර්මාන්තය යටතේ සිදුවන කටයුත්තක් වන බවද නමුත් ධීවර කර්මාන්තය කෘෂිකර්මාන්තයෙන් බැහැර විශේෂ විෂයක් වන බව හදුන්වාදීමට මෙම ධීවර අමාත්‍යවරයා විශාල උත්සාහයක් දරණ බවද ප්‍රකාශ කළේය.ඒ සදහා ජනාධිපතිතුමා ප්‍රමුඛ මෙම ආණ්ඩුව විශාල සහයෝගයක් එතුමාට ලබාදෙන බවද පැවසීය.
2023 ජනවාරි මස සිට පෑලියගොඩ මත්ස්‍ය වෙළද සංකීර්ණය අලුත් මුහුණුවරකින් අරඹන බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා පවසයි.
2022.12.18 වන දින පෑලියගොඩ වෙළද සංකීර්ණයේ කළමණාකාර භාරයේ නිළධාරීන් හා එම වෙළද සංකීර්ණයේ මත්ස්‍ය වෙළදුන් හා අනිකුත් ව්‍යාපාරිකයින් ද හමු වු ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා හා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහත්වරුන් ඔවුන්ට පැන නැගී ඇති ගැටළු පිළිබද සාකච්ඡා කලේය.
මෙහිදී වෙළද සංකීර්ණයේ කළමණාකාර භාරයට අනුයුක්ත කර ඇති සේවකයින් 42 දෙනෙකුගේ සේවය ස්ථිර කිරීම සදහා අවශ්‍ය කැබිනට් පත්‍රිකාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවද ඒ අනුව මෙම සේවකයින් කළමණාකාර භාරය යටතට පත් කරන බවද පැවසු අමාත්‍යවරයා ඔවුන්ගේ සේවය නිසියාකාරව ඉටු කරන ලෙසද උපදෙස් ලබා දුන්නේය. නිසියාකාරව සේවය ඉටු කරන්නේ නම් ඔවුන්ගේ සුභසාධන අයිතිවාසිකම් ලබා දීමට තමන් කටයුතු කරන බව පැවසූ අමාත්‍යවරයා මෙහි පරිපාලනය නවීන තාක්ෂණයට අනුව සිදු කිරීමට අවශ්‍ය පහසුකම් සලසා දෙන බවද පැවසීය. මෙහිදී වෙළදාමේ නියුතු තොග වෙළදුන් හා අනෙකුත් ව්‍යාපාරිකයින් ඇමතූ අමාත්‍යවරයා පවසා සිටියේ ඔවුන්ට තිබෙන ගැටළු කඩිනමින් විසදන බවත්ය. අයිස් මිල අඩු කිරීම සදහා ලංකා අයිස් ආයතනයේ පරිපාලන නිලධාරීන් සහ වෙළදුන්ට අයිස් සපයන නියෝජිතවරුන් සමග සාකච්ඡා කොට අයිස් මිල රුපියල් 50කින් අඩු කිරීමටද කටයුතු කළේය.
මෙහිදී ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා අදහස් දක්වමින් කියා සිටියේ මත්ස්‍ය වෙළද සංකීර්ණය නිසියාකාරව සංවර්ධනය කර දියුණු කිරීම සදහා අමාත්‍යවරයා ගන්නා වු ක්‍රියාමාර්ග වලට තමන්ද සහයෝගය දෙන බවත් මෙහි වෙළදාම්කරුවන් සහභාගී කර ගෙන ශ්‍රමදානයක් පවත්වා මෙහි ඇති ඉඩ ප්‍රමාණය හදුනා ගැනීමට පියවර ගත යුතු බවද ප්‍රකාශ කළේය. මෙම අවස්ථාවට අමාත්‍යාංශයේ ලේකම් ඉන්දු රත්නායක මහත්මිය අතිරේක ලේකම් අප්සරා නිශ්ශංක මහත්මිය ඇතුළු නිළධාරීන් පිරිසක් සහභාගී විය.
නෙල්සන් එදිරිසිංහ
ගරු අමාත්‍ය,
මාධ්‍ය ලේකම්
මඩකලපු දිස්ත්‍රික්කයේ ධීවර කටයුතු සංවර්ධනය පිලිබදව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා හා ග්‍රාමීය මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සිවනේෂතුරේ චන්ද්‍රකාන්තන් අතර සාකච්ඡාවක්.
2022.12.01 වන දින ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා හා ග්‍රාමීය මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සිවනේෂතුරේ චන්ද්‍රකාන්තන් මහතා(පිල්ලෙයාන්)අතර සාකච්ඡාවක් ධීවර අමාත්‍යංශයේදි පැවැත්විණි.
මෙම සාකච්ඡාවේදි දැනට මඩකලපු දිස්ත්‍රික්කයේ ඉස්සන් වගාව පිළිබදව සාකච්ඡා කල අතර සුනාමි කාලයේදි විනාශයට පත් වු ඉස්සන් කර්මාන්තය නැවත සංවර්ධනය කිරීමට අවධානය යොමු කරන ලද අතර, ජලජීවි වගා සංවර්ධන අධිකාරීය විසින් පෞද්ගලික අංශ සම්බන්ධ කරගෙන සිදු කරන ඉස්සන් වගාව ලබන වසරේදි වඩාත් වැඩි දියුණු කිරීමට අවශ්‍ය පියවර ගත යුතු බවත් මේ තුළින් මඩකලපු දිස්ත්‍රික්කයේ ජනතාවට වඩාත් ප්‍රතිලාභ ලබාගත හැකි ආකාරය පිළිබදව ද සාකච්ඡා කෙරිණි.
මෙම සාකච්ඡාවට ධීවර අමාත්‍යංශ ලේකම් ඉන්දු රත්නායක මහත්මිය, ජලජීවි වගා සංවර්ධන අධිකාරීයේ සභාපති අචාර්ය ජයන්ත විජේරත්න මහතා , අධ්‍යක්ෂක ජනරාල් ආචාර්ය අසෝකා මහත්මිය, ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් ප්‍රසන්න කහවත්ත මහතා ඇතුලු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගි විය.
නෙල්සන් එදිරිසිංහ
ගරු අමාත්‍යතුමාගේ
මාධ්‍ය ලේකම්
CHA/NE/A
පානදුර වරායේ භූමිතෙල් ඉන්ධනහල ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා විවෘත කරයි.
2022.11.27 වන දින පානදුර ධීවර වරායේ පිහිටුවා තිබුණ ඉන්ධනහල සෑහෙන කළක් අබලන්ව තිබූ අතර එය ප්‍රතිසංස්කරණය කර නැවත ධීවර ජනතාවට භාවිතා කිරීම සදහා විවෘත කිරිම ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා අතින් සිදුවිය.
මෙහිදී ප්‍රකාශයක් කළ අමාත්‍යවරයා පානදුර වරායෙන් දියඹට යන ධීවර ප්‍රජාවට මෙතෙක් සිය වෘත්තිය කර ගැනීම සදහා භූමිතෙල් ලබා ගැනීමට වෙනත් ධීවර වරායන් වෙත යාමට සිදුවූ බැවින් මෙම වරායේ තිබූ ඉන්ධන හල හැකි ඉක්මනින් ප්‍රතිසංස්කරණය කිරිමට අදාළ නිලධාරීන්ට තමන් උපදෙස් දුන් බවත් ඒ අනුව අද දින මෙය විවෘත කිරීමට හැකි බවත් ඒ අනුව පානදුර හා මොරටුව ප්‍රදේශවල ධීවරයින්ට මෙම ඉන්ධන හලෙන් සිය අවශ්‍යතාවන් ඉටු කර ගැනීමට හැකි බව ද පැවසීය.
තමන් කිහිපවරක් පැමිණ මෙම ධීවර වරාය නීරීක්ෂණය කළ බවත් මෙහි ඇති අඩුපාඩු එකින් එක සකස් කර දෙන බවටත් මෙහිදි වැඩිදුරටත් අමාත්‍යවරයා පැවසීය.
මෙම අවස්ථාවට ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ සාමාන්‍යධිකාරී ජනක ප්‍රසන්න මුදලිගේ මහතා ඇතුළු නිලධාරින් පිරිසක් සහභාගි විය.
නෙල්සන් එදිරිසිංහ
ගරු අමාත්‍යතුමාගේ
මාධ්‍ය ලේකම් .
ජාත්‍යන්තර ධිවර දිනය සැමරීම සදහා බේරුවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති උත්සවය.
2022.11.21 වන අද දින ජාත්‍යන්තර ධිවර දිනය සැමරීම සදහා බේරුවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති උත්සවයේදී ශ්‍රී ලංකාවේ ධීවර ප්‍රජාවට මෙතෙක් නොතිබුණු දැනට සක්ස් කර ගෙන යන ධීවර ප්‍රඥප්තිය පිළිබද සංකල්ප වාර්තාවක් ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා විසින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන වෙත භාර දෙන ලදි.
මෙම ප්‍රඥප්තිය තුලින් විශේෂයෙන් ධීවර ප්‍රජාවට සිය වෘත්තිය කටයුතු කිරීමට ඇති අයිතිය තහවුරු කරන අතර ධීවර ජනතාවගේ සුභ සාධනය සදහා ක්‍රියාත්මක වන වැඩපිළිවෙල් රාශියක් මෙයට ඇතුලත් වේ. තවද ජාත්‍යන්තර තත්වයට ධීවර කර්මාන්තය උසස් කිරීම සදහාත් අන්තර් ජාතික මට්ටමට ශ්‍රී ලංකාවේ ධීවර වෘත්තිය නගා සිටුවීමද මෙම ප්‍රඥප්තිය මගින් සිදු කෙරේ. මෙම උත්සව ඇමතු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා ධීවර ක්ෂෙත්‍රය නගා සිටුවීම සදහා ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා විසින් පසුගිය කාලයේ කරන ලද සේවාව ඇගයීමකට ලක් කළේය. එසේම කෝවිඩ් සමයේ ධීවර ජනතාව මුහුණ දුන් ගැටළු හමුවේ නොසැලී සිටිමින් ශ්‍රී ලංකාවේ අපනයන ආදායමේ ප්‍රධාන ස්ථානයට ධීවර කර්මාන්තය ගෙන ඒමට කටයුතු කල බවද ප්‍රකාශ කළේය. තවද ජාත්‍යන්තර ධීවර දිනය දළ රළ සවිය නැමති මාතෘකාව යටතේ ක්‍රියාත්මක වන අතර ඕනෑම රැල්ලකට මුහුණ දීමට එතුමාට ශක්තිය ඇති බවද අග්‍රාමාත්‍ය වරයා විසින් තවදුරටත් ප්‍රකාශ කළේය. එසේම තමන් අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස කටයුතු කරන කාලයේ රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ධූරය දරමින් තමන්ට විශාල ශක්තියක් වු බවත් එමෙන්ම රටේ ජනතාවටද විශාල සේවයක් කල බවද ප්‍රකාශ කල අග්‍රාමාත්‍යවරයා රටේ තේ, පොල්, රබර් මෙන්ම අපනයන ආදායමේ ප්‍රමුඛ ස්ථානයට ධීවර කර්මාන්තය පත් කිරීම සදහා අමාත්‍යතුමාටත්, රාජ්‍ය අමාත්‍යතුමන්ට මෙන්ම අමාත්‍යාංශ නිලධාරීන්ටද අවශ්‍ය ශක්තිය ධෛර්ය ලැබේවායිද ප්‍රාර්ථනා කළේය.
තවද මෙම අවස්ථාවේදී මෙම උත්සවය සංවිධානය කල ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා කථා කරමින් මෙම ජාතික ධීවර දිනය තුල මේ රටේ ධීවර ජනතාවගේ නිෂ්පාදනයන්ගේ ප්‍රබෝධයක් ඇති කිරීමට සහ නව මග පෙන්වීමක් ධීවර ජනතාවට ලබා දීමටත්, ශ්‍රී ලංකා රක්ෂණ සමාගම හා එක්ව ධීවරයන්ට නව රක්ෂණ ක්‍රමයක් ඇති කිරීමටත්, කෘෂි රක්ෂණ මණ්ඩලය මගින් ධිවර විශ්‍රාම වැටුපක් ක්‍රියාත්මක කිරීමටත්, ලංකා බැංකුව මගින් දියවර කැකුළු නැමති ළමා ඉතුරුම් ගිණුම් ආරම්භ කිරීමටත් කටයුතු කල බවද ධීවර පවුල් ශක්තිමත් කිරීමට තවදුරටත් අමාත්‍යාංශ මටිටමින් කටයුතු කරන බවද පැවසීය. මෙහිදී ජපන් තානාපති වරයා නියෝජනය කරමින් තනාපති කාර්යාලයේ නියෝජ්‍ය ලේකම්වරයා ජපානය විසින් දීර්ග කාලයක් ශ්‍රී ලංකාව සමග සම්බන්ධතා පවත්ව බවද ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා මුදල් අමාත්‍යවරයා සිටි කාලයේ සිටම සබදතා පැවති අතර ශ්‍රීලංකාවේ ධීවර කර්මාන්තය සංවර්ධනය සදහා ඩොලර් මිලියන 20ක් අධික ප්‍රමාණයක් දැනට ලබා දී ඇති අතර ඉදිරි කාලයේදී තවත් ආධාර ලබා දීමට කටයුතු කරන බවද ජපන් ශ්‍රී ලංකා මිත්‍රත්වය දිනේ යැයි ද පැවසීය.
මෙම අවස්ථාව සදහා කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජ්‍ය අමාත්‍ය දයා පැස්කුවෙල් ඇතුළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක්ද, අමාත්‍යාංශයේ ලේකම් ඉන්දු රත්නායක, ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත, කථතර දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න ගිනිගේ මහතාද, ධීවර අමාත්‍යාංශය යටතේ ඇති ආයතනයන්හි සභාපතිවරුන් ඇතුළු නිලධාරීන්ද සහභාගී විය.
.
නෙල්සන් එදිරිසිංහ
ගරු අමාත්‍යතුමාගේ
මාධ්‍ය ලේකම්
ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා ගංගාරාම වාසී කිරින්දේ අස්සජි හිමියන් හමුවී ආශිර්වාද ලබා ගනී
ධිවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා 2022-10-30 දින කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයට පැමිණ එහි වැඩවසන පුජ්‍ය කිරින්දේ අස්සජි හිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත් අතර රටේ පවතින වර්ථමාන දේශපාලන හා ආර්ථික තත්වය පිළිබද දීර්ඝ වශයෙන් සාකච්ඡා කළේය.
මෙහිදී පුජ්‍ය කිරින්දේ අස්සජි හිමියන් අමාත්‍යවරයාට අනුශාසනා කරමින් පවසා සිටියේ රට තුල වර්ථමානයේ ඇති වී තිබෙන ආර්ථික පරිහානියට අඩු වැඩි වශයෙන් රට පාලනය කල සියලු දෙනා වගකිව යුතු බවත් ඒ බව තේරුම්ගෙන සියලු දෙනා කටයුතු කල යුතු වකවානුවක් උදාවෙලා තිබියදීත් බොහෝ දේශපාලඥයන් තම පටු දේශපාලන අරමුණු වෙනුවෙන් තවමත් කටයුතු කරමින් සිටින අවස්ථාවක රටේ වගකිවයුතු ප්‍රධාන අමාත්‍යාංශයක වගකීම ඉටු කරමින් රටේ ජනතාවට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දීම සදහා මෙන්ම විදේශ විනිමය උපයා ගත හැකි අමාත්‍යාංශයක් ලෙස මෙම අමාත්‍යාංශය මෙහෙයවීම පිළිබදව ගරුතර මහා සංඝරත්නයේ ආශිර්වාදය අමාත්‍යවරයාට ලබා දෙන බවත් මේ පිළිබදව අමාත්‍යවරයාට දැඩි අවබෝධයක් ඇති බවද පැවසීය.
තවද ධිවර කර්මාන්තයට නවීන තාක්ෂණය හදුන්වාදීමේ වටිනාකම පිළිබද පැහැදිලි කර උන්වහන්සේ ඒ සදහා කොරියන් රටේ සාම්ප්‍රධායික ආයුර්වේද වෛද්‍යවරයෙකු මෙන්ම ව්‍යාපාරිකයෙකු වන චෝන්ග් (chong) මහතාගේ සහයෝගය ලබා ගැනීම කෙරෙහි අවධානය යොමු කරන ලෙස පැවසූ අතර ඒ මහතා ද මෙම සාකච්ඡාවට සම්බන්ධ වුණු අතර කොරියාවේ තමන්ට සම්බන්ධකම් ඇති බලවත් ව්‍යාපාරිකයින් ගණනාවක් සමග සූම් තාක්ෂණය ඔස්සේ සාකච්ඡාවක් අමාත්‍යවරයා සමග සිදු කිරීමට එකගවිය. ඒ අනුව කොරියානු තාක්ෂණය හා ප්‍රාග්ධනය ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තය ලබා දීමට අවශ්‍ය කටයුතු කිරීමට පොරොන්දු විය.
මෙහිදී අමාත්‍යවරයා කිරින්දේ අස්සජි හිමිට පොරොන්දු වුයේ රටේ පාලනය මෙහෙයවීමේදී මහා සංඝරත්නය ලබා දෙන ආශිර්වාද ඉතා වටිනා බවත් ඉදිරියේදී ස්වාමීන් වහන්සේ හදුන්වාදුන් කොරියානු ජාතික ව්‍යාපාරිකයා සමග සම්බන්ධ වී ධීවර කර්මාන්තයට නව තාක්ෂණය හදුන්වාදීමට පියවර ගන්නා බවද පැවසීය.
නෙල්සන් එදිරිසිංහ
ගරු අමාත්‍යතුමාගේ
මාධ්‍ය ලේකම්
විදේශීය ආයෝජකයන් සම්බන්ධ කරගනිමින් රට පුරා කඩොලාන සංවේදී කලාප ඇති කරනවා. ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසයි.
ශ්‍රී ලංකාව පුරා කලපු හා ගං මෝය ආශ්‍රිතව ඉතා සංවේදී පරිසර කලාපයක් ලෙස සැලකෙන කඩොලාන පරිසර පද්ධතිය මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් සීඝ්‍රයෙන් විනාශයට පත්වන අතර ඒ තුළින් සාගරයේ මත්ස්‍ය සම්පත වර්ධනය වීමට ද දැඩි බලපෑමක් එල්ල කරන බව පරිසරවේදීන්ගේ හා සාගර සම්පත් පිළිබඳ පර්යේෂණ සිදු කරන විශේෂඥයින්ගේ මතයයි.මේ පිළිබඳව අවධානය යොමුකළ ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා 2022.10.27 දින විදේශ ආයෝජකයන් පිරිසක් සමග ධීවර අමාත්‍යංශයේ පැවති කඩොලාන වගා කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සඳහා පැවති විශේෂ සාකච්ඡාවකදී මේ බව පැවසීය.
මෙහිදී ආයෝජකයින් ප්‍රකාශකර සිටියේ රටපුරා කලපු හා ගංමෝය ආශ්‍රිතව අක්කර 40 ක පමන ප්‍රමාණයක කඩොලාන වගාව ව්‍යාප්ත කිරීමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන යෙදවීමට අපේක්ෂා කරන බවත්, ඒ මගින් මත්ස්‍යයන්ගේ අභිජනන නිජබිම් වර්ධනය කිරීමත්, ගංමෝය කලපු ඛාදනය වලක්වා ගත හැකි බවත් ඒ මගින් පරිසර පද්ධතිය වර්ධනය කිරීමට හැකි බවත් මෙම ව්‍යාපෘතිය සඳහා ඍජු රැකියා අවස්ථා හාරසියයක් (400) නිර්මාණය වන බව ද පැවසීය.
මෙහිදී අදහස් දැක්වූ ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා රට වටා තිබෙන කඩොලාන කලපු පද්ධතිය සාගරයට ඉතා සංවේදී පරිසර කලාපය වන අතර එය ධීවරයන්ගේ ක්‍රියා කලාපයන් තුළ දිනෙන් දින විනාශ වන බවත් ඒ මගින් සාගර කලාපයට දැඩි බලපෑමක් එල්ල වී ඇති බව ප්‍රකාශ කළේය. එබැවින් මේ කෙරෙහි අවධානය යොමු කිරීම කෙරෙහි ඔබ කණ්ඩායමට ස්තූතිය පළකරන බවත්, එම ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීම සඳහා ධීවර අමාත්‍යාංශයෙන් ලබාදිය හැකි උපරිම සහයෝගය ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා බවද අමාත්‍යවරයා පැවසීය.
නෙල්සන් එදිරිසිංහ
ගරු අමාත්‍යතුමාගේ
මාධ්‍ය ලේකම්
නීති රීති කරපින්නාගෙන ඉවසන් ඉන්න බෑ. නීතියට පටහැනි මුහුදු කූඩැල්ලන් වගා පොලවල් වහාම ඉවත් කරන්න. ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසයි.
නීති රීති විධිවිධාන වලට අනුව මුහුදු කූඩැල්ලන් වගා පොලවල් ඉදිකළ යුතු බවත්, එයට පටහැනිව ඉදිකරන ලද මහුදු කූඩැල්ලන් වගා පොලවල් වහාම ඉවත්කළ යුතු බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසන ලදි.
යාපනය දිස්ත්‍රික්කයේ ධීවර සංගම් හා මුහුදු කූඩැල්ලන් වගා පොළවල් හිමිකරුවන් ඇතුලු නියෝජිතයින් පිරිසක් සමග 2022.09.28 දින පැවති සාකච්ඡාවකදි ධීවර අමාත්‍යවරයා මේ බව පැවසීය.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා, නීති විරෝධි ධීවර කටයුතු මැඩලීමට පියවරගැනීම සම්බන්ධව අදහස් දැක්වු අතර ඇබිලි දැල් ක්‍රමය මැඩලීමට ධීවර දෙපාර්තමේන්තුව, නාවික හමුදාව හා ධීවර සංගම් ඒකාබද්ධව පොලිස් නිලධාරීන්ගේ ද සහය ලබාගෙන ක්‍රියා කිරීමට අදාල නිලධාරීන් සමග තමන් සාකච්ඡාකල බව පැවසීය.
මේ අතර වලිකාමන් උතුරු අධි ආරක්ෂිත කලාපයේ තිබෙන ඉඩම් නිදහස් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස වහවිලාන් මානම්ප්‍රායි කෝවිලේ පරිපාලන නිලධාරීන් අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා හමුවි සාකච්ඡා කරන ලදි. මෙම කෝවිල අවට අක්කර 600ක් පමණ භූමි ප්‍රමාණයක් කිසිදු හේතුවක් නොමැතිව අධි ආරක්ෂිත කලාපයේ තිබෙන බවත්, මෙම ඉඩම් නිදහස් කළොත් කලාපයේ පවුල් 400කට අධික පිරිසක් නැවත පදිංචි කිරීමට හැකියාවක් පවතින බවත් නිලධාරීන් අමාත්‍යවරයාට පෙන්වා දුන්නේය.
නෙල්සන් එදිරිසිංහ
ගරු අමාත්‍යතුමාගේ
මාධ්‍ය ලේකම්
AN/CHA/NE/A
ඹලුවිල් වරාය සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් ධිවර සමුපාකාර සමිති සමග අමාත්‍ය ඩග්ලස් දේවානන්දා සාකඡ්චාවක්
ඹලුවිල් ධිවර වරාය ධිවර අමාත්‍යංශය යටතට පත් කිරිමක් සමග එහි සංවර්ධන කටයුතු ඉදිරියට ගෙන යන ආකාරය පිළිබද 2022-07-06 දින සිමාසහිත අම්පාර දිස්ත්‍රික් ගැඔුරු මුහුදු යාන්තික බෝට්ටු හිමියන්ගේ ධිවර සමුපාකාර සමිතියේ නියොජිත පිරිසක් සමග ධිවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා සහ අමාත්‍යංශ ලේකම් තුමිය ඇතුලු ධිවර වරාය සංස්ථාවේ නිළධාරින් පිරිසක් සමග සාකඡ්චාවක්අ මාත්‍යංශයෙදි පැවැත්විණි.
මෙහිදි ධිවර වරායේ පවතින ඉන්ධනහල් දෙක සම්බන්ධ පරිපාලනය සහ වරායේ ගොඩගැසෙන වැලි ඉවත් කිරිමයනදි සංවර්ධන කටයුතු පිළිබද ධිවර සමුපකාර සමිතියේ අදහස් ඇතුලත් ව්‍යපෘති වාර්තාවක් ධිවර සමුපාකාර සමිතියේ නියෝජිත හාජ්යාර් එම්.එස්.ඒ.අහමඩ් මහාතා අතින් අමාත්‍යවරයාට භාරදෙනලදි ධිවර
ධිවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා අමාත්‍යංශයේ ලේකම් ඉන්දු රත්නායක මහත්මියට සහ ලංකා ධිවර සංස්ථාවේ සභාපති නිලංක ජයවර්ධන මහතා ඇතුලු නිළධාරින්ට උපදෙස් ලබාදෙමින් කියා සිටියේ ඔලුවිල් වරාය පවත්වාගෙනයාමේදි ධිවර සමුපාකාර සමිතියේ අදහස් ලබාගෙන මෙම ධිවර වරාය භාවිතා කරන ධිවරයන්ට පහසුකම් සැලසෙන ආකාරයට එහි කටයුතු ක්‍රියාත්මක කරන ලෙසයි.
නෙල්සන් එදිරිසිංහ
ගරු අමාත්‍යතුමාගේ
මාධ්‍ය ලේකම්.
Australian Minister for Home Affairs and Cyber Security, Clare O’Neil arrived in Sri Lanka on an official visit.
Australian Minister for Home Affairs and Cyber Security, Clare O’Neil who met President Gotabaya Rajapaksa, Prime Minister Ranil Wickremesinghe and Foreign Affairs Minister, Prof. G. L. Peiris.
“This shows our strong and enduring bilateral relations as we celebrate our 75th anniversary of diplomatic relations,” the High Commission said.
Minister O’Neil discussed how Australia can deepen cooperation and assist Sri Lanka to face the economic times, as well as strengthening engagement on transnational crime, including people smuggling.
ධීවර අමාත්‍යාංශය මගින් පොසොන් පෝය නිමිති කොට ගෙන අමාත්‍යාංශයේ පවිත්‍රතා අංශයේ සේවක සේවිකාවන්ට වියලි ආහාර ද්‍රව්‍ය ලබා දේ.
ධීවර අමාත්‍යාංශයේ ලේකම් ඉන්දු රත්නායක මහත්මියගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් හා ධීවර දෙපාර්තමේන්තුවේ හා ධීවර අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ ධන පරිත්‍යාගයෙන් අමාත්‍යාංශයේ පවිත්‍රතා අංශයේ සේවක සේවිකාවන්ට වියලි ආහාර මළලු බෙදා දීම අද දින (2022.06.16)අමාත්‍යාංශ පරිශ්‍රයේදී සිදු කරන ලදි.
මෙම වියලි ආහාර මල්ලක වටිනාකම රුපියල් 7500කට අධික වන අතර එයට හාල්, පොල්, සැමන්, පරිප්පු ඇතුළු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය රැසක් අඩංගු වු අතර ධීවර සංස්ථාව මගින් ලබා දෙන රුපියල් 1350ක් වටිනා මත්ස්‍ය බජට් පැක් එකක්ද ඇතුලත් විය.
මෙම අවස්ථාව සදහා අමාත්‍යාංශයේ ලේකම් ඉන්දු රත්නායක, ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත, ජේෂ්ඨ සහකාර ලේකම් බී.ඒ.දමයන්ති, ධිවර සංස්ථාවේ කළමණාකාර අධ්‍යක්ෂ චතුරංග උඩවත්ත, ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ සාමාන්‍යාධිකාරි ජනක මුදලිගේ මහතා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් පිරිසක් එකව සිටින ලදි.
නෙල්සන් එදිරිසිංහ
ගරු අමාත්‍යතුමාගේ
මාධ්‍ය ලේකම්.
ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා වැඩ භාරගනී.
2022.05.23 වන දින අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ අමාත්‍ය ඩග්ලස් දේවානන්දා ධීවර අමාත්‍ය ධුරයේ දිවුරුම් දීමෙන් පසු පෙ.ව. 10.30පමණ වන විට ධීවර අමාත්‍යාංශයේදී සිය අමාත්‍යධුරයේ රාජකාරි කටයුතු අරම්භ කරන ලදි.
මෙම අවස්ථාවට එක් වු අමාත්‍යාංශ ලේකම් ඉන්දු රත්නායක මහත්මිය හා ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් අමතමින් අමාත්‍යවරයා පසුගිය කාලයේ ආරම්භ කරන ලද ව්‍යාපෘති කඩිනමින් නිමකිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස උපදෙස් ලබා දෙන ලදි.
මෙම අවස්ථාව සදහා අමාත්‍යාංශ ලේකම්තුමිය ඇතුළ නිළධාරීන් පිරිසක් සහභාගී විය.
නෙල්සන් එදිරිසිංහ
ගරු අමාත්‍ය,
මාධ්‍ය ලේකම්
DD/Ne/dil
යාපනයේදී මියගිය ධීවරයා වෙනුවෙන් රුපියල් මිලියනයක වන්දි ලබා දෙයි.
ඩෙල්ෆ් මුහදු තීරයේ ධීවර රැකියාවේ නිරතව සිටියදි අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් ජීවිතක්ෂයටපත් මරියවේගනායගම් අමලමේයන් වන ධීවර කාර්මිකයා වෙනුවෙන් රුපියල් මිලියනයක වන්දි මුදලක් ලබාදීමට ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දාගේ උපදෙස්මත යාපනය ධීවර දෙපාර්තමෙන්තු කාර්යාලයේදි 2022.04.28 දින සිදුවිය.
ධීවර අමාත්‍යංශය මගින් ස්වාභාවික ආපදාවකදි වන්දි ගෙවීම සදහා හදුන්වා දී ඇති රක්ෂණ යෝජනා ක්‍රමය හරහා අදාළ වන්දි මුදල ගෙවීමට අවශ්‍ය කටයුතු යොදන ලෙස ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා ධීවර දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට උපදෙස් ලබාදුන් අතර, ඒ අනුව මියගිය ධීවරයාගේ පියාට අදාළ චෙක්පත ලබාදීම යාපනය ධීවර දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂක එස්.සුදාකරන් මහතා අතින් සිදු විය.
නෙල්සන් එදිරිසිංහ
ගරු අමාත්‍යතුමාගේ
මාධ්‍ය ලේකම්
AN/CHA/NE/A
මිරිදිය මත්ස්‍ය නිෂ්පාදන කිරීමේ ආයෝජන බිහි කිරීමට පියවර ගන්නවා. ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසයි.
රටතුළ මිරිදිය මත්ස්‍ය වගාව ප්‍රචලිත කිරීම සදහා උනන්දුවන ආයෝජකයන් සම්බන්ධ කර ගනිමින් පොකුණු තුළ හා කූඩු තුළ මිරිදිය මත්ස්‍ය වගාව ව්‍යාප්ත කිරීමේ ආයෝජන වඩ වඩාත් බිහි කිරීමට පියවර ගන්නා බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසයි.
අමාත්‍යවරයා මෙම අදහස් පල කර සිටියේ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්මය පිළිබද ප්‍රංශයේ හා මාලදිවයින යන ප්‍රධාන රටවල නියෝජිත මංඩලයක් සමග 2022.04.22 දින අමාත්‍යංශයේ පැවති හමුවකදීය.
ශ්‍රී ලංකාවේ ජනතාව තුළ මත්ස්‍ය පරිභෝජනය ඉහළ නැංවීමට දැනටමත් පියවරයන් රැසක් ගෙන ඇති බවත්, ලෝක වෙළදපොලේ පවතින ඉන්ධන මිළ ඉහලයාම තුළින් අනාගතයේදි අඩු වියදමින් මත්ස්‍ය සම්පත නෙලා ගැනීම සදහා පොකුණු තුළ හා කූඩු තුළ මත්ස්‍ය වගාව ප්‍රචලිත කිරීම තම අපේක්ෂාව බවත්, ඒ සදහා මධ්‍ය පරිමාණ ආයෝජකයින් සම්බන්ධ කර ගැනීමටද පියවර ගනිමින් සිටින බව නියෝජිතයින් හමුවේ පැවසු අමාත්‍යවරයා ඉදිරියේදි සී නොර් ආයතනය සම්බන්ධ කර ගනිමින් ධීවර ප්‍රජාවට අවශ්‍ය බෝට්ටු ඇතුලු ධීවර ආම්පන්න නිෂ්පාදනය කිරීමටද කටයුතු කරන බව අමාත්‍යවරයා ඩැඩිදුරටත් පැවසීය.
තවද මහ මුහුදේදි ධීවරයන් නෙලාගන්නා මත්ස්‍ය සම්පත විනාශ නොවි ගොඩබිමට ගෙන ඒමට අවශ්‍ය තාක්ෂණය ලබාදීමටද පියවර ගන්නා අතරම නෝර්වේ රජයේ ධීවර කර්මාන්තය දියුණු කළා සේම මෙරට ධීවර කර්මාන්තයද දියුණු කිරීමට පියවර ගනිමින් සිටින අතර ඒ සදහා අවශ්‍ය සහයෝගය ලබා දෙන ලෙසද අමාත්‍යවරයා නියෝජිත පිරිසට අවධාරණය කරන ලදි.
නෙල්සන් එදිරිසිංහ
ගරු අමාත්‍යතුමාගේ
මාධ්‍ය ලේකම්
AN/CHA/NE/A